නැගෙනහිර තුර්කියේ රන් පතලක සිදු වූ නායයාමකින් කම්කරුවන් 09 දෙනෙකු අතුරුදන් ව ඇති බව වාර්තා වේ.
අතුරුදන් වූවන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සියයකට අධික සහන සේවකයින් පිරිසක් අනුයුක්ත කර ඇති බවට විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
සයනයිඩ්, ජලයට මිශ්‍ර වීමේ සිදුවීමක් මුල්කර ගනිමින් 2020 වසරේ මෙම පතල වසා දමා තිබූ අතර, එහි දී අදාළ සමාගමට දඩ නියම කිරිමට ද පියවර ගෙන තිබිණි.
කෙසේ වෙතත් ඉන් වසර දෙකකට පසු එය යළි විවෘත කර ඇති බවට විදෙස් වාර්තා සඳහන් කර තිබේ.