රිලවුන්ගේ ගොවිතැනට සිදුවන හානී අවම කිරීම සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ගොවි සංවිධාන වෙත සිය විමධ්‍යගත අරමුදලින් වායු රයිෆල ලබාදීමට පියවර ගන්නා බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා ඇති බව වාර්තා වේ..
ඔහු පවසන්නේ රිලවුන්ගෙන් සිදුවන හානී හේතුවෙන් ගොවි ජනතාවට සිය වගා කටයුතු පවත්වාගෙන යාම දූෂ්කර වී ඇති බවයි.
කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කර තිබේ.