සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවියකට සහ සිසුන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සිසුන් දහ තුන් දෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරිමට බලංගොඩ මහේස්ත්‍රාත් බි.කේ.වී. හේෂානි රොඩ්රිගෝ මහත්මිය අද (15) දින බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දි නියෝග කළ බව වාර්තා වේ.
අදාළ සිසුන් දහ තුන් දෙනා අතරින් නව දෙනෙකු කුරුවිට බන්ධනාගාරයේ රදවා ඇති අතර සුමි තාක්ෂණය ඔස්සේ මෙම නඩු විභාගය පැවැත්විණි.
ඉතිරි සිසුන් සිවි දෙනා බන්ධනාගාර නිලධාරීන් බාරයේ අද (15) දින සබරගමුව විශ්ව විද්‍යාලයේ පැවැති විභාගයකට පෙනී සිටි බව සදහන්.
ඵ් අනුව අයෙකුට රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරිමට මහේස්ත්‍රාත් වරිය නියෝග කර තිබේ.