නීතිවිරෝධීව වත්කම් උපයා ගත් බවට සැකපිට මිද්දෙණිය මීගස්ආර ප්රදේශයේ පදිංචිකරුවෙකු ඊයේ (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ විමර්ශන අංක 01හි නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඔහු සන්තකයේ තිබූ රුපියල් කෝටි තුනක් පමණ වටිනා මෝටර් රථ 02 ක්, මීගස්ආර ප්රදේශයේ සැකකරු විසින් ඉදිකොට ඇති වායු සමීකරණය කරන ලද තෙමහල් නිවසක් සහ මිද්දෙණිය නගරයේ ඇති දෙමහල් ගොඩනැගිල්ලක් එහිදී නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති බව සදහන්.
පොලීසිය සඳහන් කරන්නේ වසර දහයක පමණ කාලයක සිට සැකකරු තණමල්විල ප්රදේශයේ කංසා වගා කරමින් ඒවා බෙදාහැරීමේ ජාවාරමක යෙදී ඇති බවයි.
ඉන් උපයා ගත් මුදලින් පොලිස් භාරයට ගත් දේපළ උපයාගන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනු ලබයි.
සැකකරුට අයත් බව සැලකෙන වත්කම්වල වටිනාකම රුපියල් කෝටි 12ක් පමණ වන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.