පාර්ලිමේන්තුවේ ඉහළ නිලයකට උසස් කෙරුණු නිලධාරිනියක එම උසස්වීමේදී පැය 24ක් යන්නටත් පෙර ඉන් ඉවත් කිරීමේ සිද්ධියක් වාර්තාවේ.
ඇයගේ අංශයේ දෙවැනි නිලයට පත් කෙරුණු නිලධාරියාගේ නිවෙසට ගොස් ඔහුට විවිධ බලපෑම් කරන ලදැයි කියන සිද්ධියක් පදනම් කරගෙන ඇය එම තනතුරින් මෙසේ ඉවත් කර ඇති බව සදහන්.
බලපෑමට ලක් වූ නිලධාරියා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියට දැනුම් දීමෙන් පසු ඇය මෙම පියවර ගෙන තිබේ.
දෙවෙනි නිලයට උසස් කෙරුණු පුද්ගලයා සම්බන්ධයෙන් පෙර කී නිලධාරිනිය නොසතුටට පත්ව සිට ඇති අතර එම නිලධාරියාගේ නිවසට ඉකුත් සෙනසුරාදා ගොස් ඇති මෙම නිලධාරිනිය ” තවත් අය ඉද්දි ඔයා කොහොමද මේ තනතුරට එන්නේ” යනාදී ලෙස පවසා දෝෂාරෝපණය කර ඇතැයි දැනගන්නට ඇති බව වාර්තා වේ.