පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් සහ වර්තමානයේ ඇඹිලිපිටියේ වැඩබලන ප්‍රාදේශීය ලේකම් වන බී.එස්. ජී. රුවන්සිරි මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ වංචා කොමිෂමට අපරාධ පරීක්ෂණ දෙපර්තෙම්න්තුව වෙතද පැමිණිලි යොමුකර තිබේ.
ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් සමයේ සිදුකර තිබෙන නීතිවිරෝදී ක්‍රියාකාරකම් රාශියක් මෙන්ම මහත් ආන්දෝලනයකට තුඩු දි තිබෙන බලන්ගොඩ බෝල්තුබේ ශ්‍රී සුමන සමන් දේවාලයේ පවතී නිලවරණයේදී ප්‍රාදේශීය ලේකම්වරුන්ට අල්ලස් ලබා දීම, අල්ලස් ලබා දීමට උත්සාහ කිරීම මෙන්ම, එමගින් සිදුව ඇති විවිධ අපරාධ රාශියක් සහිත තොරතුරු සහිතව එම පැමිණිල්ල යොමුකර තිබෙන බවට අවශ්‍ය තොරතුරු අප වෙත ලැබී තිබේ. එසේම රාජ්‍ය සේවා කොමිෂන් සභාවටද එය යවා තිබේ.
එම නිලවරණයෙදී අල්ලස් ලබා ගැනීම ප්‍රතික්ෂේප කල ප්‍රාදේශීය ලේකම්වරුන් දෙදෙනක් මේ වන විටත් රාජ්‍ය පරිපාලන සහ ස්වදේසීය කටයුතු අමාත්‍යංශයේ සංචිතයට මාරුකර තිබෙන අතර එයට එරෙහිව මේ වන විට නඩු කිහිපයක්ද ඔවුන් විසින් පවරා තිබේ.
එසේම එම සිද්ධියට විරෝධය පා මහජන උද්ඝෝෂණ කිහිපයක් පැවති අතර තවත් උද්ඝෝෂණ කිහිපයක් පැවැත්වීමට නියමිත බවද ආරංචි මාර්ග පවසයි.
එම ස්ථාන මාරුකිරීම් සිදුකර තිබෙන්නේ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුරගේ අණින් බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශීය කටයුතු අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. කෙසේ නමුත් රාජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව තවමත් නිලවශයෙන් නිවේදනයක් නිකුත්කර නැති අතර ඔහු තම ජංගම දුරකතනයට පිළිතුරු ලබා නොදෙන බව මීට පෙරම අපගේ වාර්තාකරුවන් වාර්තාකර තිබුණි.