තලෛමන්නාරම, ප්‍රදේශයේ 10 හැවිරිදි දැරියක් සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට පොලීසිය පවසයි.
පොලීසිය පැවසූවේ දැරිය සිය නිවස ආසන්නයේ වෙළෙඳසැළකට ගොස් නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් දැරියගේ ඥාතීන් සිදුකළ සොයා බැලීමකදී සිරුර සොයාගත් බවයි.
ඒ නිවස ආසන්නයේ වත්තක තිබියදීය.
ඊයේ (15) සවස හෝ රාත්‍රි කාලයේදී දැරියට මෙම අපරාධය සිදුවන්නට ඇති බවට තලෛමන්නාරම පොලීසිය සැක කරයි.
සිරුර හමුවී තිබුණේ අද (16) උදෑසන කාලයේදීය.
දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන මත පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය වැඩිදුරටත් පැවසුවේ දැරිය කිසියම් ලිංගික හිංසනයකට ලක්වී ඇත්ද යන්න සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පරීක්ෂා කිරීමට නියමිත බවයි.