මීගොඩ ගල්වලමුල්ල ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් ඇයගේ අසල්වැසි තරුණයකු සහ ඥාතී පිය පුතු දෙපළක් අත් අඩංගුවට ගත් බවට මීගොඩ පොලිසිය පවසයි.
ඉකුත් 2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී මෙම අපයෝජනය සිදුව ඇති බවත් බාලවයස්කාරිය එය සඟවා ගෙන සිට මවට පැවසීමෙන් පසු ඇයගේ මව විසින් අද (16) දින අදාල සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය අපයෝජනයට සම්බන්ධ ඇයගේ අසල්වැසි තරුණයකු හා ළගම ඥාතීන් වන පිය පුතු දෙපළක්ද මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට ගත් සැකකරුවන් මීගොඩ ගල්වලමුල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් වේ.
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.