ස්ථාන මාරු පිළිබඳව ලිපියක් ලබා ගැනීමට දින 7 ක් ගියත් සබරගමු පළාත් සභාවේ රාජ්‍ය සේවයෙන් එය ඉටුකර ගැනීමට නොහැකි වු පුවතක් රාවණා ලංකා පිළියන්දල කාර්යාලයට වාර්තා විය.
අප ඒ පිළිබඳව අවශ්‍ය තොරතුරු ලබාගැනීමට කටයුතු සිදුකරමින් තිබියදී, එම පාර්ශ්වය විසින් එය කලවානේ සර්පයා නොහොත් හසිත මුහන්දිරම් මහතාට දැන්වීමෙන් පසුව එය සිදුකර දීමට ඔහු මැදිහත්ව තිබේ.
කෙසේ නමුත් අදාල ලිපිය ලබාදෙන ලෙස හසිත මුහන්දිරම් මහතා අදාල රාජ්‍ය සේවකයාට දන්වා තිබෙන්නේ උදෑසන 10.00 ට පමණ වුවත්, දහවල් එක වන විටත් එය ලබා දී නැත. එය දැන් වු පසු හසිත මුහන්දිරම් මහතා අදාල රාජ්‍ය සේවකයා ලඟට ගොස් ලිපිය ඉල්ලා තිබේ. ඒ වන විටත් ලිපිය සකසා තිබී නැති අතර එහිදී ” ලිපිය ලබා දෙන තෙක් මා මෙතනින් යන්නෙ නෑ” ලෙස සර්පයා ප්‍රකාශ කර ඇති අතර,ඒ අනුව විනාඩි 5 ක් ඇතුලත එම ලිපිය ලබා දී තිබේ.
විනාඩි පහක් ඇතුලත ලබා දී තිබෙන එම ලිපිය ලබා ගැනීමට දින 7 ක් සබරගමුව පලාත් සභාවට ගොස් තිබෙන්නේද රාජ්‍ය සේවිකාවකි. ඇගේ සැමියා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකි. කෙසේ නමුත් ඔවුන්ගේ දේශපාලන වටපිටාව කුමක්ද යන්න ඒ මහතා සොයා නැති අතර එය කෘතහස්ත මිනිසුන්ගේ තිබෙන වටිනා ලක්ෂණයකි.
මිනීමැරුම් චෝදනාවකට ලක්ව සිටි සබරගමුව පළාත් එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රී හසිත සමන්ත මුහන්දිරම් හෙවත් ‘සර්පයා’ එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණා.
1999 වසරේ කලවාන ප්‍රදේශයේදී බරගමුව පළාත් හිටපු මන්ත්‍රී රංජිත් නන්දසේන සහ දීපාල් ගුණසිංහ නමැති ඔහුගේ ආරක්ෂකයා වෙඩි තබා ඝාතනය කර වාහනයක් තුළ දමා ගිනි තැබීම සම්බන්ධයෙන් හසිත සමන්ත හෙවත් සර්පයාට චෝදනා එල්ල වී තිබුණි.