ශ්‍රී ලංකාවේ වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලි උත්පාදනය සීමා වනු ඇති බවට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය අනාවැකි පළ කර ඇති බව වාර්තා වේ.
ලංවිම මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත පැවසුවේ මෙම තත්වය මත තාප විදුලිය නිෂ්පාදනය 63% දක්වා ඉහළ යනු ඇති බවයි.
විදුලි ඉල්ලුම ඉහළ යාමත් සමඟ ජලාශවල ජල මට්ටම කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ඔහු අවධාරණය කළේය.
මෙවැනි පසුබිමක විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංවිම මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි.