නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති බව වාර්තා වේ.
මෙම සතිය සඳහා පාර්ලිමේන්තුව දින 03ක් රැස්වීමට නියමිත අතර අද දිනයේ දී සුරක්ෂිත ලත් ගනුදෙනු, භාර ලදුපත් සංශෝධන, උකස් සංශෝධන, කල්බදු මූල්‍යකරණ සංශෝධන, සමාගම් සංශෝධන, ලේඛන ලියාපදිංචි කිරීමේ සංශෝධන යන පනත් කෙටුම්පත් දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත බවට පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
මේ අතර හෙට (21) දිනයේ දී රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ විපක්ෂය ගෙනඑන යෝජනාව අනුව සභාව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිතව තිබේ.
එය හෙට පෙරවරු 10.30 සිට පස්වරු 05.30 දක්වා පැවැත්වීමට නියමිත බව සදහන්.
අනිද්දා දිනයේ දී අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙනුවෙන් ශෝකය පළකිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.