ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හුසේන් අමීර් අබ්දුල්ලාහියන් ඊයේ (19) රාත්‍රී දිවයිනට පැමිණි බව වාර්තා වේ.
ඒ, දෙදින නිල සංචාරයක් සඳහාය.
ඊයේ රාත්‍රි 10.45 ට ඔහු ඇතුළු දූත පිරිස මෙරටට පැමිණි බවට කටුනායක ගුවන්තොටුපොළ කාර්ය භාර කළමණාකාරවරයා සඳහන් කර තිබේ.
විදේශ අමාත්‍ය අලි සබ්රිගේ ඇරයුමකට අනුව ඔහු මෙරටට පැමිණ තිබේ.
ඉරාන විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස ලබන 21 වැනි දා දක්වා දිවයිනේ රැඳී සිටීමට නියමිත බව සදහන්.
ඔහු මෙරට රැඳී සිටින කාලසීමාවේදී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවීමට නියමිතව තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ඔහු සමග ඉරාන ජනාධිපති කාර්යාලයේ, බලශක්ති අමාත්‍යාංශයේ සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් දිවයිනට පැමිණෙන බවයි.