හෝමාගම මූලික රෝහලේ නවක සෞඛ්‍ය කාර්ය සහායිකාවන් (කණිෂ්ඨ) තිදෙනෙකු විශේෂ කොට සලකා එම රෝහලෙන් වැටුප් ගෙවමින් මාස ගණනක් තිස්සේ වෙනත් ප්‍රතිකාර සේවා ස්ථානවලට අනුයුක්ත කර තිබීමෙන් වසර ගණනාවක සිට ස්ථාන මාරු බලාපොරොත්තුවෙන් පසුවන තමන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව සෞඛ්‍ය කාර්ය සහායකයින් චෝදනා කරති .
මේ අතරින් දෙදෙනෙකු බණ්ඩාරගම ප්‍රදේශයට ස්ථාන මාරු ලබා දෙන ලෙසට කළුතර දිස්ත්‍රික් පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ බලපෑමක් දිගින් දිගටම සිදුවන බවද ඔවුන් පවසති.
කලක සිට මෙම රෝහලේ පැවති සෞඛ්‍ය කාර්ය සහායකයින්ගේ පුරප්පාඩු අවම කිරීම සදහා බහු කාර්ය පදනම යටතේ මෙම පිරිස බඳවා ගත්තද තවදුරටත් පුරප්පාඩු පවතින පසුබිමක සේවකයින් මෙසේ අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කිරීමෙන් එම පුරප්පාඩු හිඟය තීව්ර වන බව ඔවුන් කියා සිටිති.
මෙසේ ස්ථාන මාරු සිදු කළ අය අතරින් එක් අයෙකු පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයටත් , අනෙත් දෙදෙනා බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයටත් බණ්ඩාරගම දිසා රෝහලටත් තාවකාලිකව යැයි පවසා ස්ථාන මාරු ලබා දී ඇති බවත් මාස දහයකට ආසන්න කාලයක සිට වැටුප් ගෙවීම් සිදුකරන්නේ හෝමාගම මූලික රෝහලින් බව එම ආරංචි මාර්ග පවසයි.
අනුයුක්ත කරන ලද ස්ථානයේ වසර පහක් සේවය කිරීම යන කොන්දේසියට යටත්ව පත්වීම් ලද මොවුන් පෞද්ගලික අවශ්‍යතා සඳහන් කරමින් දේශපාලන අධිකාරියේ බලපෑම මත මෙසේ ස්ථාන මාරු ලබා ගැනීම සේවා කොන්දේසි උල්ලංඝනය කිරීමක් බවද ඔවුන් කියා සිටී.
මේ හේතුවෙන් නැවත වරක් රෝහල තුළ සේවය කරන පැරණි කාර්ය මණ්ඩලයට දැරිය නොහැකි මට්ටමේ වැඩ දාරිතාවක් දැරීමට සිදුව ඇති බවත් එය රෝගී සත්කාරක සේවා ගුණාත්මකව හා අඛණ්ඩව ලබාදීමට බාධා එල්ල වී ඇති බවත් වසර ගණනක සිට ස්ථාන මාරු බලාපොරොත්තුවෙන් සිටි තමන්ගේ ස්ථාන මාරුව සකසා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් මෙය වැරදි පූර්වාදර්ශයක් බවත් සෞඛ්‍ය කාර්යය සහායකයින් පෙන්වා දෙති.
පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය වෘත්තීය සමීතිවල විරෝධය රෝහල් පාලනාධිකාරිය වෙත එල්ල වී ඇති අතර මේ තත්ත්වය වහාම නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසද ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටි.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාගෙන් විමසූ විට ඔහු පැවසූවේ “සේවක පුරප්පාඩු පවතින පසුබිමක මෙසේ සිදුව ඇති ස්ථාන මාරුවීම් තවදුරටත් සිදු නොවීමට තමන් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක හා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර ඇති බවයි”.