කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ උන්නතිය සඳහා කෙටුම්පත් කරන ලද ආයුර්වේද සංග්‍රහය ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.
2023 අංක 19 දරණ ආයුර්වේද සංශෝධිත පනත මගින් සංශෝධිත 1961 අංක 31 දරණ ආයුර්වේද පනතේ 77 වන වගන්තිය පරිදි ආයුර්වේද සංග්‍රහය නියම කරමින් නියෝග සෑදිය යුතුව ඇතැයි රජය පවසයි.
ඒ අනුව පනතේ අරමුණු සාක්ෂාත් කර ගනිමින් තිරසර සංවර්ධනය ඉලක්ක සපුරා ගැනීමට හැකිවන පරිදි සහ කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ උන්නතිය සඳහා පනතේ ප්‍රතිපාදනයන්ට යටත්ව ආයුර්වේද සංග්‍රහය කෙටුම්පත් කරනු ලැබ ඇතැයි රජය පවසයි.