ශ්‍රී ලංකා මහා බැංකුව යනු ශ්‍රී ලංකාවේ රජයේ පාලනය යටතේ පවතින රාජ්‍ය ආයතනයක් නොවන බවට මේ වන විට ඔවුන් ප්‍රකාශවලින් අපට දකින්නට, ඇසෙන්නට තිබේ. ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හෝ රජය මගින් ලබා දෙන සමහර නියෝගවලට ඔවුන්ට අදාල නැත. ඒ අනුව ඔවුන්ගේ වැටුප් වැඩි වීම් සදහා වෙනමම කුලකයක් සකසාගෙන තිබෙන බව පෙනී යන නමුත් ඔවුන්ද වැටුප් ලබන්නේ මෙරට දුක් විදින මිනිසුන්ගේ අසීමිත බදු මුදල් වලින් වලිනි.
ඒ අතරේ ඔවුන්ගේ ගැලවුම්කරුවන් වන්නේ ඔවුන්ගේම වෘත්තීය සමිති බවටද පෙනෙන්නට තිබේ. ඒ කියන්නේ මේ සමිති කාරයොත් එකට එකතුවෙලාම නිසි පිළිවෙලකට රට්ටුන්ට හොරෙන් මහා බැංකුව හොරා කාල තියෙනවා කියන එකයි. රට වැටුනේද මහා බැංකුව නිසා කියල කවුරුත් දන්නවනේ. එහෙනම් රට වැනසූ මහ බැංකුවේ උන්දලාට මොකටද හොරෙන් පඩි වැඩි කරන්නේ. ඔවුන් රටේ කොටසක් නම් මොකටද සමිති එක්ක ගිවිසුම් ගත වෙන්නේ. මේවා අහද්දී රට මෙහෙමවත් තියෙන ඒක ගැන අපටනම් තිබෙන්නේ ආඩම්බරයකි.
ශ්‍රී ලංකා මහ බැංකු පනත අනුව මහ බැංකුවේ වැටුප් තල තීරණය කරන්නේ මහ බැංකුව විසින්ම බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තවත් බහු බුත කතාවක් කියන්නේය. අපි මෙතෙක් හිතාගෙන සිටියේ මහා බැංකුව කියන්නෙත් රටේම කොටසක් කියලනේ. මහජනතාවගේ නියෝජිත මන්ත්‍රීතුමා කියන්නෙත් මහබැංකුව අමුතු තැනක් කියලනේ. ඒ අමුතු තැනේ ඉන්න මිනිස්සු නේද රටේ ඩොලර් ටික බින්දුවට බැස්සුවේ. එහෙනම් ඔවුන්ට ඇයි අමුතු වැටුපක්.
“ඒකෙ පැති දෙකක් තිබෙනවා. ඔබ කිව්ව පැත්තෙනුත් අපට මේක විශ්ලේෂණය කරන්න පුළුවන් රටක අමාරු වෙලාව කියලා. ලෝකෙ හැම මහ බැංකුවක්ම ගන්නෙ අතිවිශේෂ වූ ශ්‍රමයක්, විශේෂ වූ පුද්ගල්යෙක්. ඒ නිසා මහබැංකු පනතේම තියෙනවා මහබැංකුවේ වැටුප් තලයන් තීරණය කරන්නේ මහබැංකුව කියලා ස්වාධීන ආයතනයක් හැටියට. ඒකට හේතුව තමයි මහ බැංකුව වගේ දේකට අතිවිශේෂ මිනිසුන් ගත්තෙ නැත්නම් වෙනදේ අපි දැක්කානෙ. මොකද ඒ වගේ විශේෂ ශ්‍රමයක් අපට රඳවාගන්නත් අමාරු වෙනවා. එහෙම ප්‍රශ්නත් තියෙනවා, අපි මේ හැම පැත්තක්ම බලලා තමයි මේවා කතා කරන්න ඕනෙ”
මහජන ඇමතිතුමා එහෙම කීවට, මේ බැංකුව රට විනාශ කලානේ කියලවත් කියන්න අමතක වෙලා. කොහොම උනත් රටේ නීති රීතිවලට එරෙහිව හෝ ඔවුන් වෙනම යන ආයතනයක් නම් ඔවුන්ට වැටුප් ගෙවන එකත් වෙන රටකින්ම කරා නම් හොදයි නේද කියන්නවත් දැනුමක් තියෙන කෙනෙක් උත්තර මන්ත්‍රී මණ්ඩලයේ නැති හැටි.
ඒ විතරක් නෙවෙයි, මේ මහා බැංකුවෙන් විශ්‍රාම ගිය පෙන්ෂන් ගන්න ලොක්කොන්ගේත් විශ්‍රාම වැටුප 70% කින් වැඩි කරගෙන. රට විනාශ වෙනකන්ම මොකුත් කරගන්න බැරි උණු මහා බැංකුවේ ලොක්කාගේ ඉදල, පොඩ්ඩා වෙනකන්ම ලක්ෂ ගණනින් වැටුප් වැඩිකරගැනීමේ දුෂිත මාෆියාවට රාජ්‍ය සේවකයෝ පමණක් නොව යහපත් රාජ්‍යක් ප්‍රාර්ථනා කරනා සියලුම පුරවැසියන් සිය අප්‍රසාදය පළකරයි.