හැටන් නගර මධ්‍යයේ ඉදිකර ඇති ඔරලෝසු කණුවේ වෙලාවන් දැනට වසරකට අධික කාලයක් පුරාවට ක්‍රියා විරහිත වි ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පිරිසක් පවසනුයේ හැටන් නගර මධ්‍යයේ ඉදිකර ඇති ඔරලෝසු කණුවේ වේලාවන් දැනට වසරකට අධික කාලයක් පුරා ක්‍රියා විරහිතව ඇති බවත්ය.
මෙම ඔරලෝසු කණුව කඩා වෙනත් ඔරලෝසු කණුවක් ඉදිරිමට සැලසුම් කර ඇති බවට රාවයක් පවතින බවත් මෙම ඔරලෝසු කණුව නවිකරණය නොකර එය කඩා දමා වෙනත් ඔරලෝසු කණුවක් ඉදි කිරිම නිකරුනේ මුදල් නාස්තියක් බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් ඩි. වි. පි. බණ්ඩාර මහතා පවසන ලද්දේ මෙම ඔරලෝසු කණුව කඩා ඉවත් කර ඒ වෙනුවට නව ඔරලෝසු කණුවක් ඉදිකිරිම සදහා රුපියල් ලක්ෂ හැත්තපහාක මුදලක් වෙන් කර දිමට පියවර ගන්නා බවට ජල කලමණාකරණ ඇමති ජිවන් තොණ්ඩමන් මහතා පවසා ඇති බවත්ය.
එම තත්වයන් මත මෙම ඔරලෝසු කණුවේ ඔරලෝසු නවිකරණය නොකර අදාල මුදල් ලැබුන පසු එම නව ඔරලෝසු කණුව ඉදිකිරිමේ කටයුතු ආරම්භ කිරිමට පියවර ගන්නා බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.