විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් තීරු බදු නොගෙවා , කටුනායක ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ මග හැර , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි , ව්‍යාපාරිකයන් දෙදෙනෙකු සමග කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ
ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක ” යුක්තිය ” මෙහෙයුම යටතේ මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර මේවායේ වටිනාකම රුපියල් හතලිස් තුන් ලක්ෂ හතලිස් දෙදහසක් බව කියයි.
මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා කොළඹ , බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සහ 25 හැවිරිදි , නිතර නිතර ගුවන් ගමන් වල නිරත වෙමින් විදේශීය භාණ්ඩ මෙරටට ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත පුද්ගලයන් දෙදෙනෙකි .