ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය 6.5ක් දක්වා ඉහළගොස් ඇති බවට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව එම දර්ශකය අනුව 2023 වසරේ දෙසැම්බර් මාසයේදී උද්ධමනය සටහන් ව ඇත්තේ සියයට 4.2ක් ලෙසටය.
මේ අතර 2023 වසරේ දෙසැම්බර් මාසයේ සියයට 1.6ක් ලෙස පැවති ආහාර ඛාණ්ඩයේ උද්ධමනය 2024 ජනවාරි මාසයේදී සියයට 4.1ක් දක්වා ඉහළගොස් ඇති බව වාර්තා වේ.