කරුවලගස්වැව එගොඩපිටිය ගම්මානයේ ඉඩමකට කඩා වැදි සිටි වල් අලි රංචුවක් පලවා හැරිම සදහා සුදානම් වු ගොවියකු වල් අලි ප්රහාරයෙන් අද(22) අලුයම මරණයට පත්ව ඇති බවට කරුවලගස්වැව පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ ආණමඩුව ඌරීයාව මුල් පදිංචිකරුවකු වන ඖෂධහාමි නැමති එගොඩපිටිය ප්රදේශයේ වගා කටයුතු වල නිරතව ජීවත් වෙමින් සිටි දෙදරු පියකු බව සදහන්.
උදේ ආහාර රැගෙන ඒමට ඌරීයාවේ නිවසට දිනපතාම යාම පුරුද්දක් කරගෙන සිටි මෙම ගොවි මහතා නිවසට නොපැමිණීම ගැන සොයා බැලිමට ඔහුගේ බිරිද දුරකථනයට ඇමතුම් කිපයක් රැගෙන ඇති නමුත් දුරකතනය දිගින් දිගටම නාද විම සිදුවුවද ඇමතුම් නොගැනිම ගැන සැක සිති එගොඩපිටිය ඉඩමට පැමිණ සොයා බලා ඇති බව වාර්තා වේ.