මාතර සිට නුවරඑළිය හරහා ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පිරිසක් රැගත් බස් රථයක් නුවරඑළිය රදැල්ල කෙටි මාර්ගයේදි පෙරලිමෙන් එහි ගමන් ගත් කුඩා දරුවකු ඇතුළු හය දෙනකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුලත් කර ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නානුඔය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 22වන දින රාත්‍රියේ 7.00ට පමන නුවරඑළිය රදැල්ල කෙටි මාර්ගයේ ධාවනය වෙමින් තිබු ශ්‍රිපාද වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් පෙරලිමෙන් එහි ගමන් ගත් කුඩා දරුවකු ඇතුළු හය දෙනකු තුවාල ලබා නුවරඑළිය මහ රෝහලට ඇතුලත් කල බවත්ය.
මාතර සිට නුවරඑළිය හරහා ශ්‍රිපාද වන්දනාකරුවන් පිරිසක් රැගත් මෙම බස් රථය රදැල්ල කෙටි මාර්ගයේ අධික බැවුමේ ධාවනය කරමින් තිබියදි හදිසියේ අතිවු තිරිංග හිරවිමක් හේතුවෙන් එම බස් රථය මෙසේ පෙරලි ඇති බවට මුලික පරික්ෂන වලින් හෙලිව ඇති බවත් මෙම අනතුර පිලිබදව නානුඔය පොලිසිය වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නුවරඑළිය මහ රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ 22වන දින රාත්‍රියේ රදැල්ල කෙටි මාර්ගයෙදි සිදුවු බස් රථ අනතුරින් තුවාල ලබා කුඩා ගැහැනු දරුවකු ඇතුළු කාන්තාවන් තිදෙනකු හා පිරිමි පුද්ගලයන් තිදෙනකු රෝහල් ගත කල බවත් එම අයගේ තත්වයන් බරපතල නොවන බවත් එම රෝගින් මේ වන විට රෝහලේ නේවාසිව ප්‍රථිකාර ලබන බවත්ය.