නීත්‍යනුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත පිරිනැමීම, එසේ ගෞරව නාම භාර ගැනීම හෝ භාවිත කිරීමට එරෙහිව නීත්‍යනුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ විෂය පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
එක් එක් නිශ්චිත නිර්ණණායක පදනම් කරගනිමින් විධිමත් ක්‍රමවේදයකට අනුව තෝරාගනු ලබන සුවිශේෂ ශ්‍රී ලාංකික පුරවැසියන්ට ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන ජාතික සම්මාන හා ගෞරව නාම සඳහා යොදාගන්නා නාමයන් භාවිත කරමින් විවිධ පුද්ගලයන් සහ රාජ්‍ය නොවන සංවිධාන මඟින් සම්මාන, සන්නස් පත්‍ර හා සහතික පිරිනමන අවස්ථා ජනාධිපති කාර්යාලයේ නිරීක්ෂණයට ලක්ව ඇත.
මෙවැනි ආකාරයේ අසංවිධිත සම්මාන ප්‍රදානයන් හේතුවෙන් මේ දක්වා ගෞරව ප්රණාමයට පත් සුවිශේෂ ශ්‍රී ලාංකිකයන්ට දැඩි අසාධාරණයක් හා අගෞරවයක් සිදු වන බව පෙන්වා දෙන ජනාධිපති ලේකම්වරයා ජාතික සම්මාන සඳහා යොදාගනු ලබන එවැනි ගෞරව නාම වෙනත් පාර්ශ්ව විසින් වැරදි ආකාරයට භාවිත කිරීම වහා නතර කළ යුතු අතර, එවැනි ක්‍රියාවලට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද අවධාරණය කරයි. (dinamina)