English
සිංහල
05:12 ඉරිදා, මැයි 11, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    යුද්ධ හමුදාධිපති මිලදී ගැනීමේ කාර්ය පටිපාටිය උල්ලංඝණය කරලා! මිලියන ගණනාවක් නාස්ති කරලා!

    Ravana by Ravana
    1 වසරක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකාව විනාශ කිරීමට බලපෑවේ 2006 අංක 49 දරණ ප්‍රසම්පාධන මාර්ගෝපදේශ සංග්‍රහය බව අප වාර්තා කිහිපයකින්ම පෙන්වා දුන්නේය. එම ප්‍රසම්පාධන සංග්‍රහය සමග කල එළි බසින තවත් බොහෝ කටයුතු නිසා අද අපේ රට බදු බරින් හිර වී, ඒ බදු මුදල්වත් පාලනය කරගන්න බැරි තත්වෙට දුෂිත ක්‍රමවලින් පිරී තිබේ. ඒ බොහෝ ආයතන මෙන්ම පුද්ගලයන් ද එම දුෂිත ක්‍රම පුරුද්දක් ලෙස කරගෙන යන බැවිනි. ඊට අමතරව ප්‍රාදේශිකව කොඨිඨාශ මට්ටමින් පවා පිහිටා තිබෙන ග්‍රාමීය ආර්ථික කමිටුවලින් පවා සිදුවන්නේ මෙම දුෂිත ක්‍රමයයි.

    එවන් වටපිටාවක් තුල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය ජනතාවගේ කුසට ගසා ලබා ගන්නා බදු මුදල් බිලියන ගණනින් වියදම්කර සංවර්ධන ක්‍රමයන් ආරම්භ කිරීමට විවිධ යෝජනා ලබා ගනිමින් සිටිති. මන්ත්‍රීවරු මෙන්ම ඔවුන්ගේ කොන්ත්‍රාත්කරුවන් මේ වන විට ලහි ලහියේ එම මුදල්වලට තම බහිරව ඇස් යොමුකරමින්, කෙල හලමින් සිටිති. ඒ අවුරුදු 20 කට ආසන්න කාලයක් සිදුකල සුපුරුදු ගසා කෑමටත්, 10% යේ කොමිස් මුදලත් ලබා ගැනීමටය. ඊට අමතරව ප්‍රාදේශීය ලේකම්වරුන්, සැලසුම් නිලධාරින් පවා මේ වන විටත් කෙල හලමින් සිටින්නේ අත යට ගසා කෑමටය. එබැවින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කල යුත්තේ මෙරට අත්‍යාවශ්‍යම කටයුතු සඳහා පමණක් මුදල් යොදවා, සංවර්ධනයන වෙනුවෙන් මුදල් ලබා දීම වෙනුවට ජන ජීවිතය යතා තත්වයට පත්කිරීමයි. එසේම ජනාධිපතිවරයාගේ සහෝදර චන්න වික්‍රමසිංහ මහතා පවා කල යුත්තේ දුෂිතයන්ගේ කටයුතුවලින් ජනාධිපතිවරයා බේරාගෙන ඉදිරියට යාමයි.

    කෙසේ නමුත් දුෂිත ක්‍රමයකට මහජන මුදල් මිලියන ගණනාවක්ම කාබාසිනියා කරන රාජ්‍ය ආයතන අතරේ ආරක්ෂක හමුදා ද ඉහලින්ම සිටිති. ආරක්ෂක හමුදා නායකයන් බහුතරයකට මෙම දුෂිත ක්‍රම හදුන්වා දෙන්නේ පැරණි හමුදා නායකයන් විසිනි. ඔවුන් සිදුකල එම වැරදි වර්තමාන නායකයන් සිදුකරගෙන යන්නේ ඔවුන්ගේ ගුරුන්ගේ වැරදි හේතුවෙනි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව, නාවික මෙන්ම යුද්ධ හමුදාවන් කියා වෙනසක් නැත.

    එවැනි තවත් දුෂිත ගනුදෙනුවක් අපට ලියකියවිලි සමගම ලැබී තිබේ. ඒ ශ්‍රී ලංකා යුද්ධ හමුදාපතිගේය. ඒ හමුදා සාමාජිකයන් 150,000 ක් වෙනුවෙන් ජනාධිපතිවරයා  පිරිනැමූ සේවා පදක්කම, සේවා අභිමානී පදක්කම සහ යුද හමුදා 75 වන සංවත්සර පදක්කම යන පදක්කම් ත්‍රිත්වය මිලදී ගැනීමේදී සිදුව තිබෙන වංචාවකි. ඒ පිළිබදව විවිධ වට්ස් ඇප් සමුහයන්වල මෙන්ම එක්තරා web අඩවියක්ද පළකර තිබේ. ඒ මීට දින කිහිපයකට පෙරය.

    එම ලිපි ගොනුවලට අනුව වැරදි කිහිපයක් සිදුකර තිබේ. ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුදල් යුද්ධ හමුදා සුභ සාධක අරමුදලින් ගෙවා, පසුව එම මුදල් මහජන මුදලින් ලබා ගැනීමට කටයුතු සලසා තිබේ. මුදල් නොමැති රටේ එසේ කිරීමට අවශ්‍ය නැත. යුද්ධ හමුදාවේ සුභ සාධක අරමුදලින්ම ඒවා මිලදී ගැනීම වරදක් නැති නමුත් , අනාගත ගෙවීම් උදෙසා මෙවැනි මිලදී ගැනීම් ප්‍රසම්පාධන මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව කල නොහැක. එය නීතිවිරෝදී වේ. පළමුව රජයේ මුදල් වෙන් කල යුතු අතර මිලදී ගැනීම කල යුත්තේ ඉන් පසුවයි. එසේ කිරීමට නොහැකි නම් ඉන් කියවෙන්නේ යුද්ධ හමුදාපති පමණක් නොව අධ්‍යක්ෂක මණ්ඩලය පවා මෙරට නීතියට ගරු නොකරනා බවයි. කෙසේ වුවත් අපට ලැබී තිබෙන ලිපිගොනුවේ එසේ මුදල් වෙන්කරන ලද බවට ඇති ලේකනයක් නොමැත. මෙසේ පදක්කම් ලබා ගන්නා බවට අය වැය ඉල්ලීම් තුල තිබේ නම් එය වරදක් නැති නමුත්, භාණ්ඩාගාරයෙන් මුදල් ලබා දෙන තෙක් රාජ්‍ය මුදල් භාවිතා කිරීමේ අනාගත මිලදී ගැනීම් නීතිවිරෝදී වේ. එසේ කරන ලෙස උපදෙස් දීමට මුදල් අමාත්‍යාංශයටවත් බලයක් නැත්තේ, කල යුත්තේ කුමක්ද යන්න පැහැදිලිවම ප්‍රසම්පාධන ක්‍රියාවලිය තුල තිබෙන බැවැනි. කෙසේ වෙතත් මුදල් අමාත්‍යංශය මෙන්ම මහා බැංකුවේ සිටින්නේ මෙරට නීතියට පරිභාහිරව කටයුතු කරනා කණ්ඩායමක් බව මේ වන විටත් අනාවරණය ව තිබේ . ඒ නීතිවිරෝදී ලෙස වැටුප් වැඩිකරගෙන තිබීමෙනි.

    යුද්ධ හමුදාධිපතිගේ අනෙක් වරද නම් අඩු මුදලකට මිලදී ගැනීමට හැකියාව තිබියදී මෙවැනි විශාල මුදලකට මිලදී ගත්තේ ඇයිද? යන්නයි. හමුදා නිලධාරියෙකුගේ නිල ඇදුම ලස්සන වන්නේ තරු, පටි සහ පදක්කම් වලිනි. ඔවුන් ලස්සන සිටිය යුතුය. නමුත් ලක්ෂ ගණනින් මිනිසුන්ගේ රැකියා අහිමිව සිටියදී පළමුව අවධානය දිය යුත්තේ එය විසඳීමටය. රටේ ආර්ථිකය සැකසුනේ නම් හමුදා නිලධාරීන් විසින්ම මේවා ලබා ගනී. කෙසේ වුවත් මේවා ඔවුන්ට ලබා දිය යුත්තේ රජයේ මුදලිනි. රජයේ මුදල් නොමැති නිසා හමුදා අරමුල් භාවිතා කරමින් ඔවුන්ට ඒවා ලබා දිය හැකිය. ඒවාද අයත් වන්නේ හමුදාපතිගේ පුද්ගලික බූදලයට නොවන බැවින්, අවස්තානුකුලව කටයුතු කල යුතුය. පළමුව දැකිය යුත්තේ සහ තීරණය කල යුත්තේ මුලික අවශ්‍යතාවයට තැන දීමයි. නමුත් මෙහිදී එය සිදුව නැත. මෙවැනි මිලදී ගැනීම් තව කොපමණ නම් වන්නේද යන්න අපට ම ගැටළු ඇතිකර තිබේ.

    මෙහිදී පෙනෙන්නේ පදක්කම් ත්‍රිත්වය වාලි මොහොමඩ් ආයතනය හරහා  පකිස්ථානයෙන් ගෙන්වන බවත්, එහිදී පදක්කමකට රුපියල් 2800  බැගින් ලබාදී කෝටි 100ක් ඉක්මවූ මහා පරිමාණ වංචාවක් සැලසුම් කර, දැනටමත් ඉන් කොටසක් වන මිලියන 100ක් ඉක්මවූ මුදලක් හමුදාපති විකුම් වංචා කර තිබෙන බවයි. හමුදා අරමුල්වලින් සිදුවන වංචා, දුෂණ සෙවීමට නම් රාජ්‍ය විගණනයක් සිදුකල යුතුමය. එසේම වැලි මොහමඩ් අත යට සිදුවන ගණුදෙනුව කොපමණද යන්න සෙවීම ලෙහෙසි පහසු නොමැති වුවත්, හිටපු හමුදධිපතිවරුන් මෙන්ම උසස් හමුදා නිලධාරින් ගණනාවක්ම කෝටිපතියන් වූ අයුරුද සෙවිය යුතුය.

    කෙසේ නමුත් මෙම මිලදී ගැනීම පකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක (ආරක්ෂක) බ්‍රිගේඩියර් D K R N  සිල්වා  වෙතින් පදක්කමක් රුපියල් 500  කටත් අඩු මුදලකටද, චීනයෙන් රුපියල් 300 කට නොවැඩි මුදලකට ද  පදක්කමක් මිලදී ගැනීමේ හැකියාව තිබියදීත් මෙසේ විශාල මුදලකට ගෙන්වන්නේ ඇයිද යන්න ප්‍රශ්නකර තිබේ. කෙසේ වෙතත් ලංකාවේ තරිඳු නම්  ආයතනයෙන් පදක්කම් තුනම මිලදී ගත් සැනින් පැළඳීමට හැකි අයුරින් සකස්කර රුපියල් 2500ක මුදලකට මිලදී ගැනීමට හැකියාව තිබෙන බවද පෙන්වා දි තිබේ.

    එසේම යුද හමුදාපති අරමුදලෙන් පදක්කම් 30,000 ක්  දැනටමත් මිලදීගෙන ඇති අතර ඒ සඳහා ලබා දී ඇති මුදල රුපියල් 111,775,000.00 (මිලියන 111.8) ක් වන අතර රුපියල් 500 බැගින් මිලදී ගත්තේ නම් වැය වන මුදල රුපියල්  15,000,000.00 මිලියන15කි. එහි අත යට ගණුදෙනුව පමණක් රුපියල් 96,777,000.00 (මිලියන 96) කි. චීනයෙන් රුපියල් 300 බැගින් මිදී ගත්තේ නම් වංචාව මිලියන 100 ඉක්මවන්නේය. එසේ සෘජුවම අඩු මුදලකට පකිස්තානයෙන් භාණ්ඩ ගෙන් වූ අවස්ථා තිබේ.

    ඒ අනුව ත්‍රිවිධ හමුදාවටම මෙසේ පදක්කම් මිලදී ගැනීමේදී මහජනතාවට අහිමිවන මුදල මිලියන ගණනාවකි. රටේ හමුදා නායකයන් පමණක් නොවේ, පරිපාලන නිලධාරින් පවා රටේ මහජන මුදල් සෙල්ලමකට ගෙන තිබෙන්නේ අප ඉහතින් සදහන් කල මහින්දගේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය, විගණාකාධිපතිගේ බලය අහිමි කිරීම, දුෂිතයන්ට නිසි දඩුවම් ලබා නොදීම, අධිකරණවලට ගැටළු ඇතිකිරීම ඇතුළු සියල්ලම ඒක මිටට ගෙනය.

    ඒ අනුව විවිධ ස්ථානවල සංසරණයවන ඉහත තොරතුරු සහිත ලිපියට පහත පිළිතුරු අප වෙත සපයා ඉහත සටහනේ තිබෙන යම් වරදක් තිබේ නම් එයට නිසි පිළිතුරු ලබා දී මෙය නිවැරදි කරගන්නා ලෙස යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශකගේ අවධානයට යොමු කෙරේ.

    අ.      ඉහත සඳහන්වන ටෙන්ඩර් ගණුදෙනුවට මිල විමසුම් කර තිබෙන්නේ කුමන ක්‍රමයකටද?

    ආ.     එම මිලදී ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන, පෙර වර්ෂයේ මුදල් අමාත්‍යංශයේ වැය ශීර්ෂ වෙත ඇතුලත් කර තිබේද? (වාර්ෂික අය වැය වාර්තාව)

    ඇ.     එසේ ඇතුලත් නොකර, මෙවැනි මිලදී ගැනීම් කිරීමට ප්‍රසම්පාධන මාර්ගෝපදේශ සංග්‍රහය, භාණ්ඩාගාර චක්‍රලේඛ, හෝ වෙනත් ආකාරයක ලිඛිත අවසර රජය මගින් ලබා දී තිබේ නම් ඒවා මොනවාද?

    ඈ.     රටේ ආර්ථික ගැටළුවක් තිබියදී වෙනත් පකිස්තානය හෝ චීනය හරහා ආරක්ෂක උපදේශවරුන් හරහා ගෙන්වා ගැනීමට කටයුතු නොකරන්නේ ඇයි?

    ඉ.      මුලික තත්ත්ව පරීක්ෂණ වාර්තා ලබාගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවේ කුමන ආයතනයකින්ද? ඒ සඳහා ඉදිරිපත්කර තිබෙන්නේ කුමන රටක නිෂ්පාදනද?

    ඊ.      මෙම ටෙන්ඩරයේ අඩුම ලන්සුකරු කවුද?

    උ.      මීට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් වූ ආකාරයට අඩු මුදලකට ගෙන්වීමට අවධානය යොමු නොකළේ ඇයි?

    ඌ.    යුද්ධ හමුදාවේ සුභ සාධක අරමුදල්වලින් මිලදීගෙන, රජයේ මුදල්වලින් එය පියවීමට කටයුතු කල හැකි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ වගන්තීන් මොන්වාද?

    ඉ.      මුදලේ වටිනකාමට සරිලන ලෙස බැංකු ඇපකර තබා තිබේද?. ඒ කියද?. සැපයුම් කාල සීමාව කොපමණද?

    ඒ අනුව ඉහත ප්‍රශ්නවලට පිළිතුරු ලබා දී, යම් වරදක් සහිත දෙයක් ලියවී තිබේ නම් එය නිවැරදි කරගැනීමට පිළිතුරු සහිතව ලිපියක් ravanalankanews3@gmail.com  විද්‍යුත් ලිපිනය වෙත පිළිතුරු යොමුකරන්න. (අවධානය – ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සහ පිළිතුරු ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති) 

    ඉහත පුවත වෙනත් ආකාරයකින් පළකර තිබෙන web අඩවිය පහතින්.

    https://m.facebook.com/story.php?story_fbid=pfbid03J7PoVAWWjQDYR5VVhtrZgg2ACiLtQhnV32QNhAgCWVxhjGidB3sGVTkwzvkwYBzl&id=61552288644462&mibextid=Nif5oz

    https://m.facebook.com/story.php?story_fbid=pfbid0yiq3mbn734wwNmet7Urv7nx2HRf68UvCM7M92qAYBf2uv7cXBWti73LpXize4sRxl&id=61552288644462&mibextid=Nif5oz

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Select කාණ්ඩය
      • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
      • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
      • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
      • දුම්රියක් පීලි පනී.
      • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
      • පුවක් අපනයන බෝගයක් කරයි.
      • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
      • හෙටත් මුළු රටම රත් වෙයි.
      • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
      • ලංගම බස් රථයක් පෙරළෙයි.
      • මුල් පිටුව
      • විදේශීය පුවත්
      • රාජ්‍ය පරිපාලන
      • තරුණ සහ ප්‍රජා පුවත්
      • පාරිසරික
      • අධ්‍යාපන
      • විශේෂාංග
      • කාන්තා අතිරේකය
      • ක්‍රීඩා සහ විනෝදාංශ
      • අප ගැන
      • News Archive
      • Ravana Video gallery
      Call us: +94710866060

      © 2021 රාවණා ලංකා.

      • EnglishEnglish
      No Result
      View All Result
      • මුල් පිටුව
      • විදේශීය පුවත්
      • රාජ්‍ය පරිපාලන
        • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
        • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
      • තරුණ සහ ප්‍රජා පුවත්
      • පාරිසරික
      • අධ්‍යාපන
        • නිති අධ්‍යාපනය
        • උසස් පෙළ
      • විශේෂාංග
      • කාන්තා අතිරේකය
      • ක්‍රීඩා සහ විනෝදාංශ
      • අප ගැන
      • News Archive
      • Ravana Video gallery

      © 2021 රාවණා ලංකා.

      Login to your account below

      Forgotten Password?

      Fill the forms bellow to register

      *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
      All fields are required. Log In

      Retrieve your password

      Please enter your username or email address to reset your password.

      Log In
      This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
      ×
      Go to mobile version