මහනුවර අනිවත්ත ප්රදේශයේ නිවසක තාප්පයක් ඉදිකිරීම සඳහා අත්තිවාරමක් කපමින් සිටි පුද්ගලයකු මතට පස් කන්දක් කඩා වැටීමෙන් මියගොස් ඇති බවට පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ දිගන රජවැල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකු වන ඊ.එම්.පී.ඩබ්ලිව්. ඒකනායක නමැති 49 හැවිරිදි අයෙකි.
වෘත්තියෙන් පෙදරේරුවෙකු වූ ඔහු අත්තිවාරම කපමින් සිටියදී පස් කන්ද කඩාගෙන වැටී ඇති අතර මහත් පරිශ්රමයක් දරා ඔහුව පිටතට ගෙන රෝහල කරා රැගෙන යන අතරමග දී මියගොස් ඇති බව සදහන්.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය විමර්ශන සිදුකරනු ලබයි.