ලිඳුල පොලිස් වසමේ නාගසේන ප්රදේශයේ ආග්රා ඔයේ දියනෑමට ගිය පිරිමි දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ (25) තවත් පිරිමි දරුවන් 5 දෙනෙකු සමග මෙම දරුවා ද ඔයේ දියනෑමට ගොස් ඇති බවයි.
එහිදී සිසුවාගේ සිරුර ඔයේ ගැඹුරු වළක තිබී හමුවු බවට සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.
එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 16ක් වූ දිනුක ගමගේ නැමති නුවරඑළිය ප්රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.
ලිඳුල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.