තරුණයෙකු ලෙස අඟවා 15 හැවිරිදි සිසුවියක් සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යමින් එම සිසුවියගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැරි ගලෙන්බිඳුණු වැව ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණියක් ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.
සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් දෙදෙනා වසරකට ආසන්න කාලයක් එම ප්‍රේම සබඳතාව පවත්වාගෙන ගොස් තිබූ අතර තරුණයෙකු ලෙස පෙනී සිට ඇත්තේ තරුණියක් බව සිසුවිය දැනගෙන තිබුණේ ඇය අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදීයී.
ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක් සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් මාතර ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවියක් සමඟ ප්‍රේම සබඳතාවයක් ගොඩ නගාගෙන තිබේ.
එහිදී 19 හැවිරිදි තරුණිය 15 හැවිරිදි සිසුවියට තමන්ව හඳුන්වා දී තිබුණේ පිරිමි පුද්ගලයෙක් ලෙසයි.
ඇය දුරකථනය ඔස්සේ පිරිමි පුද්ගලයෙකුගේ හඬින් අමතමින් මෙම සබඳතාව පවත්වාගෙන ගොස් තිබේ.
වසරක පමණ කාලයක් එම සබඳතාව පවත්වාගෙන ගොස් තිබූ අතර, 15 හැවිරිදි සිසුවිය සිය නිරුවත් ඡායාරූප සහ දර්ශන ද තම පෙම්වතා ලෙස පෙනී සිටි තරුණියට සමාජ මාධ්‍ය ඔස්සේම යොමුකර තිබුණි.
පසුව එම තරුණිය 15 හැවිරිදි සිසුවියට පවසා ඇත්තේ තමන්ව හමුවීමට පැමිණෙන ලෙසයි.
එහෙත්, සිසුවිය එය ප්‍රතික්ෂේප කිරීම හමුවේ පෙම්වතා ලෙස පෙනි සිටි තරුණිය ඇයට තර්ජනය කර තිබේ.