ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි අවුරුදු 77ක් වයසැති පුද්ගලයකු හදිසියේ අසනීප වී මස්කෙළිය රෝහල වෙත රැගෙන යාමේදි මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පැවසිය.
මේ පිළිබඳව වැඩි දුරටත් කරුණු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ අවිස්සාවේල්ල පුවක් පිටිය ප්‍රදේශයේ සිට ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා පැමිණි වන්දනා නඩයක් ශ්‍රිපාදය වන්දනා කර නැවත නිවෙස් වෙත යාම සදහා 25වන දින රාත්‍රියේ නල්ලතන්නිය ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ මෙම පුද්ගලයා හදිසියේ අසනිපවී ඇති බවත්ය.
එසේ අසනිපවු අවිස්සාවේල්ල පුවක් පිටිය පදිංචි අවුරුදු 77ක් වයසැති ඩබ්ලිව්. ගුණවර්ධන යන අය මස්කෙළිය රෝහල වෙත රැගෙන යාමේදි එම පුද්ගලයා මිය ගොස් ඇති බවත්ය.
මෙසේ මිය ගිය අයගේ පශ්චාත් මරණ පරික්ෂණය මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේදි පැවැත්විමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.