සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනරජ පෙරමුණ සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් පවත්වන ලදී.
එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගිය පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුණු ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සමග මින් පෙර සාකච්ඡා කරන ලදී.
එහි තවත් පියවරක් ලෙස සමගි ජන බලවේගය සහ එක්සත් ජනරජ පෙරමුණ අතර සාකච්ඡාවක් මෙලෙස අද (26) සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි.
එසේම මෙම සාකච්ඡාවට සජිත් ප්‍රේමදාස සහභාගී නොවුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගද සාකච්ඡාවක් පැවැත්විණි.
කෙසේ වුවත් පාඨලී චම්පික මහතා ද වර්තමාන පාර්ලිමෙන්තුවරයෙකු ලෙස පත් වුයේ සමගී ජනබලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත්වීමෙනි.
ඒ අනුව ශ්‍රී ලාංකීය දේශපාලනයේ අපට නොතේරෙන ගැඹුරු තීරණ ගණනාවක ආරම්භයක් අපට පෙනෙමින් තිබේ. ඒවා යහපත්ද?. අයහපත්ද අපට නොපෙනේ. කෙසේ වුවත් ජනතාව ඉල්ලන්නේ යහපත් රටකි.