නෝර්වේජියාවේ මගී ප්‍රවාහන නෞකාවක් දකුණු අප්‍රිකානු සංචාරයක ගමන් කරමින් සිටි 2,000කට වැඩි පිරිසක් අභිරහස් රෝගාබාධ හේතුවෙන් මොරිෂස් වෙරළට ඔබ්බෙන් මගීන් කිහිප දෙනෙකු නෞකාව තුළ උදරාබාධයකට ලක්වීමෙන් පසු ඔවුන් නිරෝධායනය කර තිබෙන බව විදෙශ් වාර්තා සඳහන් කරයි. මෙම නෞකාව කේප් ටවුන් සිට පෝර්ට් ලුවිස් දක්වා දින 12 ක ගමනක් ආරම්භ කරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ දි සිටිති.
එසේම මෙම රෝගීන්ගේ පරීක්ෂණ ප්‍රතිඵල පැමිණෙන තෙක් වෙනත් කිසිදු මගියකු ගොඩබැස්වීම වැළැක්වීමට බලධාරීන් තීරණය කර ඇති අතර සමාගම සඳහන් කර තිබෙන්නේ නෞකාවේ සිටි අමුත්තන්ගෙන් කුඩා සංඛ්‍යාවක් මෙම සතිය මුලදී ආමාශය ආශ්රිත රෝගයක රෝග ලක්ෂණ අත්විඳීමට පටන් ගත් බවයි.
මොරිෂස් වරාය අධිකාරියට අනුව මගින් 2,184 දෙනකෙු මෙහි සිටින අතාර, කාර්ය මණ්ඩල සාමාජිකයින් 1,026 ක් රැගත් නෝර්වීජියානු ඩෝන් නමැති මෙම නෞකාව (25) දින මොරිෂස්හි පෝර්ට් ලුයිස් වෙත පැමිණීමට නියමිතව තිබුණි.
රෝගීන් 15 දෙනෙකුගෙන් සාම්පල් ගෙන පරීක්ෂණ සඳහා යොමුකර තිබෙන අතර බොහෝ විට අද පරීක්ෂණ අවසන්වීමට ඉඩ තිබෙන බවත් එතෙක් එය හුදෙකලා කර තිබෙන බවත් වාර්තා වේ.