සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ කමිටුව අතර සාකච්ඡාවක් අද(28) පැවැත්වෙන බව වාර්තා වේ.
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම පැවසුවේ , යෝජනා කළ දීමනාව සම්බන්ධයෙන් වැය වන මුදල් ප්‍රමාණය ගණනය කිරීම හා එම දීමනා ගෙවීමේ හැකියාව පිළිබඳව වාර්තාවක් සකස් කරමින් පවතින බවයි.
එම තාක්ෂණික වාර්තාව අද දිනයේ සාකච්ඡාවට ගැනෙනු ඇති.