කොළඹ ජම්පටාවීදිය නිව්හම් චතුරස්රය ප්රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යතුරුපැදිය පැදවූ පැදිකරු අත්අඩංගුවට ගත් බවට කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23ක් වයසැති දෙමෝදර ප්රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු සතුව හෙරෝයින් ග්රෑම් 6යි මිලි ග්රෑම් 470ක් තිබූ බවට පොලීසිය පවසයි.
වෙරලබඩ පොලිස් වසමේ යම් ජම්පටාවීදිය ප්රදේශයේදී ඉකුත් 25 වැනිදා යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් මස් අලෙවිසලක් අසලදී පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් තිබූ බව සදහන්.
අපරාධය සඳහා යොදාගත් යතුරු පැදිය සහ වෙඩික්කරු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වැඩි දුර විමර්ශන සිදු කරනු ලබයි.