බිරිදගේ හිසට මොට ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර, රිය අනතුරක් සිදුවූ බව පවසමින් රෝහල් ගතකළ බවට සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාශය සමත්ව තිබේ.
බදුරලිය , මාරගහදෙනිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු 2023 අප්‍රේල් 10 දා රාත්‍රි සිය බිරිඳ වන එම්.බී. කසුනි දුලීකා යන 30 හැවිරිදි එක්දරු මව ත්‍රීරෝද රථයකින් ඇද වැටී තුවාල ලැබූ බව සදහන් කරමින් බදුරලිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර ඇයගේ තත්ත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු 2023 මැයි මස 7 දින මියගොස් ඇති බවට පොලිසිය පවසයි.
එම මරණය සැකසහිත බවට පවුලේ සාමාජිකයින් කළ පැමිණිලි මත කළුතර අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් විසින් සිදුකල දීර්ඝ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.