වන අලි දුම්රියේ ගැටී මියයාම වැළැක්වීමේ පියවරක් ලෙස අලිමංකඩවල් ඇති ස්ථාන හඳුනා ගනිමින් දුම්රිය මාර්ගයට පහතින් උමං මාර්ග තැනීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම ව්‍යාපෘතිය හරහා ඉදිකරන පළමු උමං මාර්ගය අද (01) ගල්ගමුව හා අඹන්පොළ දුම්රිය ස්ථාන අතර පිහිටි කාසිකොටේ, ගැටදිවුල ප්‍රදේශයේදී ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන සහ ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් රංජිත් රූපසිංහගේ ප්‍රධානත්වයෙන් ඉදිකිරීමට නියමිත බව සදහන්.
වන අලි 200 ක පමණ සංඛ්‍යාවක් ගෙවුණු වසර කිහිපය තුළ දුම්රියේ ගැටී මියගොස් තිබුණු අතර එම අහිතකර තත්ත්වය පාලනය කරගැනීම සඳහා ප්‍රවාහන අමාත්‍යංශය, දුම්රිය දෙපාර්තමේන්තුව, සුරකිමු දුම්රිය ජාතික ව්‍යාපාරය යන ආයතන හා සංවිධාන සාකච්ඡා කර ඇති අතර ඊට විකල්පයක් ලෙස දුම්රිය හරස් මාර්ග අසල ඇති අලිමංකඩවල් හඳුනාගෙන ඒ ස්ථානවලින් දුම්රිය මාර්ගයට පහතින් උමං මාර්ග තැනීමට යෝජනා වි තිබේ.
මේ ආකාරයට තවත් අලි මංකඩවල් හඳුනා ගනිමින් උමං මාර්ග තැනීම සිදුකරන බවට ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කර සිටි.