බලංගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කරනු ලබන පැමිණිලි වල සහ ප්‍රබල පුද්ගලයන්ට එරෙහිව යොදන පැමිණිලිවලට සිද්ද වන්නේ කුමක්ද යන්න අප මීට පෙර අනාවරණය කර තිබෙන අතර ඒ පිළිබඳව තිබෙන අනෙකුත් විස්තර අප තවමත් සමාජ ගත කිරීමට කටයුතු කර නැත. කෙසේ වුවත් අප එම අනාවරණ මගින් උග්ගල් අලුත් නුවර කුඩා කතරගම දේවාලයේ ඉදිරිපිට ඇති මුරගල් වලට සිදු කර තිබෙන හානිය පමණක් අනාවරණය කරමින් පුරාවිද්‍යා පනතට අනුව එම ස්ථානයට කර තිබෙන හානියට එරෙහිව අදාළ පරිපාලකයන්ට සහ එය සිදු කල පුද්ගලයන්ට නඩු පැවරීම සදහා පුරාවිද්‍යා අධ්‍යක්ෂකගේ අනුමැතිය අවශ්‍ය නැති බව නීත්‍යනුකූලව වාර්තා කරන ලදී. කෙසේ වුවත් එයට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබදව අපගේ ඕපනායක වාර්තාකරු සහ එයට උනන්දුවක් දක්වන පුද්ගලයන් ඒ පිළිබඳව අවධානයෙන් සිටිති.
ඒ අතර මීට මසකට පමණ පෙර ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය මෙම ප්‍රදේශයේ ජනතාවගේ ගැටළු පිළිබඳව සොයා බැලීමට ගිය අවස්ථාවල් වලදී, නින්ද ගම් වැසියන්ගේ ගැටළු සහ පීඩාවන් වලට ඇහුන කන් දෙමින් ඒවායින් අනාවරණය වූ අපරාධමය චෝදනාවලට අනුව බලංගොඩ පොලිසිය තුල පැමිණිලි දැමීමට අවශ්‍ය උපදේශ සහ ඔවුන් සතුව තිබු ලේඛණ මත ලංකා දණ්ඩනීති සංග්‍රහයට අනුව පැමිණි කිරීමට උපදෙස් ලබා දී තිබුනත් බලංගොඩ පොලීසිය විසින් පැමිණිලි ගණනාවක් ලියාගෙන නැති බවද, ලියාගත් පැමිණිලි සදහා නිසි විභාගයක් කර නැති බවද එම සංවිධානය පවසයි. එම පැමිණිලිවලට අනුව එම දේවාලයේ බස්නායක නිලමේ විසින් බලංගොඩ දිසා අධිකරණයට සිදු කර තිබෙන අපහාසයක් නොහොත් දීර්ඝ කාලයක් තිස්සේ අධිකරණ නියෝගයක් කඩ කිරීමක්ද තිබේ. එම අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකිරීමෙන් ඔහුට විරුද්දව මේ වන විටත් නඩු පැවරී තිබිය යුතු වුවත් මේ පිළිබඳව අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කර නැති බවද එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාෂක හිමාල් ඒකනායක මහතා අද අප වෙත දන්වා තිබේ.
මේ අතර, පසුගිය පෙරවාරි මස 13 වන දින බලංගොඩ පොලිසියට ඉදිරිපත් කර තිබෙන C .4. 48/77 දරන පමිනිල්ලද මේ වන තෙක්ම විභාග කර නැති බවද වාර්තා වේ. එම සිද්ධිය පහත සදහන් වේ.
“බලංගොඩ උග්ගල් අලුත් නුවර කතරගම දේවාලයේ බස්නායක (1) පි.එල් ජිවක ජයවර්ධන මහතා (2)එස්.සන්දනම්(බෝසි)(3)පියසේන යන අයට විරුද්දව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. නමුත් එම පැමිණිල්ල දැනුම් දීම සදහා පැමිණි නිලදාරි මහතෙක් බෝසි සහා පියසේන යන දෙදෙනාගෙන් පමණක් කට උත්තර ගෙන එම පැමිණිල්ල යට ගසා තිබෙන බවද, අදාළ පැමිණිලිකාරිය 2022.03.05 දින බලංගොඩ පොලිස් ස්ථානාධිපති ජයකොඩි මහතාට දුරකතනයෙන් කතා කොට පැමිණිල්ල විභාග නොවූ බව දැනුම් දී තිබේ. ඉන් දින දෙකකට පසු නිලධාරියෙක් එවා 2022 03 12 වන දින පොලිසියට පැමිණෙන ලෙසද වගඋත්තර කරුවන්ද එදිනට පැමිණෙන සදහන් කර තිබේ. ඒ අනුව මෙම පැමිණිලිකාරිය අගේ සැමියා සමග සමග පොලිසියට ගොස් ඇති අතර මයුරසිංහ නමැති පොලිස් සුලු පැමිණිලි අංශයේ ස්ථානාධිපති විසින් එම පැමිණිල්ල විභාගයට ගෙන තිබේ. නමුත් එම මයුරසිංහ නැමති පොලිස් නිලධාරියා වගඋත්තරකරුවන්ට පමණක් සවන් දෙමින් පැමිණිල්ල පවසන කිසිම දෙයකට ඇහුන් කන් නොදී මයුරසිංහ මහතාට උවමනා පරිදි පොලිස් පොතේ සටහන් පැමිණිලිකාරියට සහ ඇගේ සැමියාට ඔහු බැන වැදි තිබේ. ඊට අමතරව වගඋත්තරකරුවන් (1) බස්නායක නිලමේ ද එදින පැමිණ නැති අතර පැමිණිල්ල කියනා කිසිම දෙයක් ගණන් නොගත් බවද , තමන්ට ඕනි අකාරයෙන් පැමිණිල්ල විභාගයට ගන්නා බව පැවසූ බවද ඔවුන් සදහන් කර තිබේ. ඒ අනුව පැමිණිලිකරුවන් පොලිසියෙන් බැහැරව ගොස් තිබේ”.
රාවණා සටහන
අප මේ පිළිබඳව තව දුරටත් සොයා බැලීමේදී එක් කාරනාවක් පැහැදිලි විය. එනම් පොලිස් ස්ථානාධිපතිවරයා ඔහුගේ කටයුත්ත සිදු කර තිබේ. අපට ලැබී තිබෙන ලිඛිත සාක්ෂි නොහොත් අධිකරණ නියෝගයක් කඩ කරමින් හැසිරෙන අපරාධකරුවන් බවට සහ මුරගල් දෙකට හානිකල පුද්ගලයන් අරක්ෂා කරන්නට පොලිසියේ පහලින් සිටින පොලිස් පොඩ්ඩන් කටයුතු කරන බවයි. මේ පිළිබඳව අප ලග තිබෙන තොරතුරු මෙන්ම, මැණික් පතල්කරුවන් සමග පවා පොලිස් නිලධාරීන් සම්බන්ධ බව පැහැදිලිය. මෙවන් පොලිස් නිලදාරීන් නිසා පොලිසියට සිදුව තිබෙන හානිය සුළු පටු නොවේ. පොලිසියේ තරු දෙකේ තුනේ පුද්ගලයන් අපරාධකරුවන් සමග ලගින්නේ නම් , පහලින් සිටින නවක මෙන්ම අනෙක් පොලිස් පොඩ්ඩෝ ද එසේ සිදු කරන එක අරුමයක් නොවේ.
මේ සියලු වැරදි සදහා පොලිස් ස්ථානාධිපතිවරයා වග කිව යුතු වුවත්, මේ පැමිණිල්ලේ සිද්දියේදී ඔහුගේ වගකීම ඉටු කර තිබෙන නමුත් පහල සිටින නිලධාරියා කටයුතු කර තිබෙන්නේ POLICE යන වචන වල තේරුමට පටහැනිවය. එම විභාගය සිදු කල පුද්ගලයා අපරාධකරුවන් සුරැකීමට කටයුතු කර තිබේ. මේ දේවාලයේ බස්නායක නිලමේවරයාට මීට පෙරද කිහිපවරක්ම ජනතාව අසුචි ප්‍රහාර එල්ල කර තිබෙන්නේ ඔහුගේ වරදක් නිසා විය යුතුය. මීට මසකට පමණ පෙර ඔහුට විරුද්දව නින්දගම් වැසියන් උද්ඝෝෂණයක්ද පැවැත්වීය. පොලිසිය අපරාධකරුවන් සුරැකීමට කටයුතු කර පීඩිත ජනතාව බස්නායක නිලමේවරයා සහ ඔහුගේ අතවැස්සන්ට යම් ජීවිත හානියක් සිදු කළහොත් එයට වග කියන්නේ කවුද?. අප මෙසේ ප්‍රශ්න සොයමින් වාර්තා කරනුයේ, දෙපාර්ශවයේම යහපත වෙනුවෙන් වුවත් නීතිය සහ සාමය ආරක්ෂා කල යුතු පොලීසිය පැමිනිලිකරුවන්ගේ මෙන්ම වග උත්තරකරුවන්ගේ ජීවිත සුරක්ෂා කිරීමට කටයුතු නොකරන්නේ නම් කුමක් කල යුතුද?. යුක්තිය ඉටු නොවන විට එම පුද්ගලයන් පීඩා විදින බවත් , පීඩා විදිමින්ම ඔවුන් විවිධ රෝගාබදවලට ලක් වන බවද මනසක් තිබෙන නිලදාරීන් හෝ දැනගෙන සිටිය යුතුය.
මේ වනතෙක්ම ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු කර නැති පොලිස් නිලධාරීන්ට පොලිස් ආඥා පනත යටතේ මෙන්ම, ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය නැති කිරීම, එයට අනුබල දීම ආදිය සමග 102, 106, 107,108, 109 වන වගන්තියේ දෙවෙනි ජේදය , 112, 113 (අ)120, 150, 161, 162, 163, 180,214,215, 261, 289, 341 ආදී වගන්ති ගන්නවකින් දඩුවම් ලබා දිය යුතු වෙයි. ශ්‍රී ලංකාවේ පවතින පොදු නීතිය නම් එයයි. ඊට අමතරව ආයතන සංග්‍රහය යටතේද කටයුතු කල හැකිය. පොලිස් පොඩ්ඩන්ට හරි පාරේ යමට නම් පහල නිලදාරීන් සිදු කරන , අනාවරණය වන සියලු වැරදි සදහා දඩුවම් දිය යුතුය. එසේ නොමැති විට සිදුවන්නේ කුමක්ද යන්න සියලු ශ්‍රී ලාංකිකයන් වටහාගෙන තිබෙන අතර, අති ගරු ජනාධිපතිතුමාට පවා නින්දා අපහාස සිදු වන්නේ රාජ්‍ය නිලදාරීන් තම වගකීම නිසි ලෙස ඉටු නොකරන නිසාය.
බලංගොඩ පොලිසියට අදාළ වෙනත් පුවත් පහතින් සදහන් වේ. මේවා සදහාද තවමත් නිසි ලෙසම ක්‍රියාත්මකව නැති බව අනාවරණය වේ. මේ පහත සදහන් වන මාර්ගය සමග තිබෙන පතහද තවමත් සම්පූර්ණයෙන්ම වසා දමා නැති බවද කිය වේ.