යුක්තිය මෙහෙයුම වඩාත් කාර්යක්ෂම ව හා ශක්තිමත් ව ඉදිරියට ගෙන යන බවට පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් අවධාරණය කර ඇති බව වාර්තා වේ.
අද (02) මහනුවර දී දළදා සමිඳු වැඳ පුදා ගැනීමෙන් අනතුරු ව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙම අදහස් පළ කර තිබේ.
අපරාධකරුවන්, ජාවාරම්කරුවන් සහ පාතාලය සම්පූර්ණයෙන්ම මර්දනය කර නොමැති බවත් ඉතා කෙටි කාලයකින් සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.