ජනවරමක් නොමැති ආණ්ඩුවකට ශ්‍රී ලංකා ටෙලිකොම්, රක්ෂණ සංස්ථාව ආදී ආයතන විකුණා දැමීම සම්බන්ධයෙන් තීරණ ගත නොහැකි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ නියෝජිතයන් සමඟ ඊයේ (01) පැවති සාකච්ඡාවකින් අනතුරු ව මාධ්‍යයට අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කර තිබේ.