ආපනශාලා ආහාරපානවල මිල ගණන් අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බවට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසා ඇති බව වාර්තා වේ.
එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කර තිබේ.
ආහාරවල නිෂ්පාදන වියදම අධික ලෙස ඉහළයෑම නිසා සියලුම ආහාරපානවල මිල ගණන් මෙලෙස වැඩි කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව, ප්ලේන්ටි එකක මිල රුපියල් 5කින්, කිරි තේ එකක මිල රුපියල් 10කින්, කෑම (රයිස් ඇන්ඩ් කරී) එකක මිල රුපියල් 25කින්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු එකක මිල රුපියල් 50 කින් ආදී වශයෙන් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
යම්කිසි ආකාරයකින් රජය පාරිභෝගික භාණ්ඩ මිල පහළ දැමුවහොත් එම සහනය ජනතාවට ලබාදීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.