බලපත්‍ර නොමැති ව ඩ්‍රෝන කැමරාවක් යොදාගෙන වීඩියෝ දර්ශන ලබා ගනිමින් සිටි තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඊයේ (02) දහවල් කාලයේ දී සැකකාර තරුණයා විසින් කිලිනොච්චිය – ඉරණමඩු වැව ආසන්නයේ ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කර වීඩියෝ දර්ශන ලබා ගනිමින් සිටිය දී එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අච්චුවේලි – යාපනය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.