ලක් සතොසේ මහා පරිමාන වංචා දූෂණ නිසා එහි සේවකයන්ට වැටුප් හෝ ගෙවීමට නොහැකි වනු ඇති බව අප මීට පෙර අනාවරණය කරමින් වාර්තා කලා අතර අද වනවිට එම ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කර තිබේ . මේ අතර ලක් සතොස ආයතනය සුරකීමේ සේවකයන් එහි වංචා දූෂණ මෙන්ම අක්‍රමිකතා මෙම ලිපිය අති ගරු ජනාධිපතිතුමා ප්රමුඛ වගකිව යුතු ආයතන ප්‍රධානීන්ට ඉදිරිපත් කර තිබේ.
ලක් සතොසෙහි සාමාන්‍ය සේවකයන් විදින දුක් ගැහට මෙන්ම ඉහල කළමනාකාරීත්වයේ වැරදි හේතුවෙන් අසාදාරනයන්ට ලක්ව සිටින පහල සේවකයන් විසින් ජනාධිපතිතුමන් වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
සතොස වැඩකරන සේවකයන් ගැන නොදැන, සේවය කරන හැටි නොදැන, කේලම් කියමින් කොටවමින්, වංචා දූෂණ කරන පුද්ගලයන්ටම වැඩ කරන පුද්ගලයන්ටම උසස්වීම් දෙන ආයතනයක් බවට ලක් සතොස ආයතනය පත්ව තිබේ.
අද ඇවිත් හෙට යන නිලධාරීන් ලක් සතොස විනාශ කර තිබෙන අතර අවංක සේවකයන්ට තමසේවය එපා කරබා තිබේ.
මේ චෝදනා ඇති පුද්ගලයාට උසස්වීමක් සමග ආයතනයේ වහනයක්ද ඔහුගේ ප්‍රවාහන කටයුතු සදහා ලබා දි ඇත. සතොස සභාපති ඇතුළු නිලධාරීන් මොහු ආරක්ෂා කරමින් සිටි. සියලු සේවකයන් මේ සම්බන්ධයෙන් අප්‍රසාදයට සහ කලකිරීමට පත්ව ඇත.
තවද කුලී පදනම මත නව සතොස අලෙවිසැල් විවෘත කිරීම සදහා ස්ථාවර භාණ්ඩ ලබාගෙන ඇති අතර ඒ සදහා ගෙවීම් කිරීමට කැබිනට් අනුමැතියක් ලැබී නොමැති බවද. එසේ තිබියදී කැබිනට් අනුමැතිය ඇති බව බොරු ප්‍රචාරයක් යවමින් sola සහ imro යන සමාගම් දෙකට අති විශාල මුදල් ප්‍රමාණයක් ගෙවීමට සුදානම්ව තිබෙන බවද පොළොන්නරු ශාඛා කළමනාකරු දූෂිතව තිබියදීත් ඔහුට උසස්වීම් ලබා දී තිබෙන බවාද, ඔහු කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ගෙන ලක් සතොසේ සේවයට ගෙන තිබෙන බවද සදහන් වේ.
පෙත්සමේ සාරාංශය
- 2021 12 29 දින වැඩබලන ප්‍රාදේශීය කළමනාකරුවන් ලෙස පත්වීම් ලබා දී අති පුද්ගලයන්ට පැහැදිලිවම වංචා දූෂණ ඔප්පුව තිබියදී එසේ උසස්වීම් ලබා ආදී තිබීම.
- උදාහරනයක් ලෙස පෙන්වමින් සේවක අංක 1120 එස් ජේ ගලප්පත්ති යන පුද්ගලයාට එසේ තනතුරු ලබා දී තිබුනද, ඔහු වැඩබලන සාප්පු කළමණාකරුවෙකු වන බවද ඔහුට රුපියල් ලක්ෂ 160 ක වංචාවක් තිබෙන බවද එම විමර්ශනය නවතා ඔහුට එම තනතුර පිරිනමා තිබීම,
- එම විමර්ශනය නවත්ලීම සදහා පොලොන්නරුව ප්‍රදේශයේ පැවති ශාකාවක් විවෘත කිරීමෙන් පසු ලක් සතොසේ සභාපතිවරයාට අරක්කු පාටියක් ලබා දී තිබෙන බවද, ( ජායාරූප ලැබී තිබේ )
- පොලොන්නරුව පන්සල් ගොඩැල්ල නිලධාරීන්ට සත් කිරීමට බව පවසමින් එම උසස්වෙම් ලද නිලදාරියා විස්ස්හාල භ්නද තොගයක් මුදල් ගෙවීමෙන් තොරව ලබා ගෙන ගොස් තිබෙන බවද, ඒ අකාරයෙන්ම පොලොන්නරුව මනම්පිටිය වෙළද සලෙන්ද භාණ්ඩ රැගෙන ගොස තිබෙන බවාද ,
- එම උසස්වීම් ලේඛනයේ සේවා අංක 1156 එස් ඒ ඩී ආර් පි රාජකරුණා යන අයටද, රුපියල් ලක්ෂ 28ක, තවත් අවස්ථාවක ලක්ස 5 ක , ද, 0536 ආර් එම එස් ප්‍රේමකුමාර යන යට ලක්ස 5 ක පමණද වංචා සහ දූෂණ තිබෙන බවද,
- විමර්ශන කණඩායම් වලටද අභියෝග කරමින් එම උසස්වීම් ලබා දී තිබීම,
- මෙම ගලප්පත්ති යන අයට පොළොන්නරු කලාපයේ සෑම අලෙවි සලකින්ම මසකට රුපියල් 5000 සිට 10000 දකවා අල්ලස් ලබා ගන්නා බවාද,
- නව අලෙවිසල් වලට ලැබෙන රුපියල් 60000 ක් පමාන් වන මුදල මෙම ගලප්පතිති යන පුද්ගලයා ගසා කන බවද.
- මින්නේරිය අලෙවිසල් ගොඩනැගිලි හිමිකරුගෙන් රුපියල් 50000 ක අල්ලසක් ලබා ගෙන තිබෙන බවාද,
- ආයතන සංග්‍රහයට පිටින් තනතුරු පත් කර තිබෙන බවද,
ආදී ලෙස වංචා දූෂණ ගනනාවක්ම සදහන් වන අතාර අද වනවිට ලක් සතොස වසා දැමීමට සිදුවෙමින් පවතී. මෙවැනි නිලදාරීන් මෙන්ම ලක් සතොසේ පාලන අධිකාරිය කෙතරම් දුරට වංචා දූෂණ සිදුකර තිබේද යන්න පැහැදිලිවන්නේ අද දින ප්‍රසිද්දියට පත් කරන ලද ආයතන ප්‍රතිව්‍යුහගත කරනු ලබන ආයතන ලයිස්තුවේ මෙම අය්ත්නයාඩ් තිබීමයි. වැරදිකරුවන් සුරකිමින් වංචනිකයන් පෝෂණය කරන මෙවැනි ආයතන ප්‍රධානීන්ගේ වැරදි සොයාබලා ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කලා යුතු නමුත් එසේ නොවීමෙන් රටේ මහජනතාට සහන ලබා දීම වෙනුවෙන් තිබෙන මෙම ආයතන වල තිබෙන මහජන සම්පත් හොරාකමින් යහපත් මෙන්ම ආයතනයට ආදරය කරන සත්‍ය සේවකයන් ද මේ හේතුවෙන් කනගාටුවෙන් සේවය කරන බැවින් කිසිදා මෙවැනි ආයතන ද්යුනුවට පත් නොවේ.
රටේ වර්තමාන ආර්ථික ගැටළු වලට සැබවින්ම ඇගිල්ල දික් කරනුයේ දේශපලාන අධිකාරියට වුවද, මේ ගැටළු වලින් 50 % ක්ම වගකිව යුත්තේ දූෂණ වංචා කරන මෙවැනි නිලධාරීන්ය.
අප මේ පිලිබදව මීට පෙරද වාර්තා කල අතර ආයතනයේ වැටීමේ ලකුණු පෙන්වා දෙන ලදී. නමුත් ඒවා තමන්ගේ කන අහලකින්වත් ගිහින් නැති බවද මේ පෙත්සම මගින් අනාවරණය වී තිබේ.
අප අවසාන වශයෙන් මෙසේ සටහන් කරමු. ආයතන වසා දැමීමට තෙක් කටයතු සිදු වන්නේ මෙවැනි දූෂිත පාලකයන් නිසා බව සහ ඔවුන්ගේ දූෂිත ක්‍රියාවලට නීතියෙන් දඩුවම් නොලැබුණහොත් සොබා දහම් නීතිය හෝ නිසි ලෙස දඩුවම් දෙනු අති බව ලක් සතොසේ පැරණි පාලකයන්ට සහ වර්තමාන පාලකයන් තේරුම් ගනිත්වා ,
අදාළ පෙත්සම පහතින්.