කොලොන්න දාපනේ උප තැපැල් කාර්යාලය හිටි හැටියේ වසා දමා එහි ස්ථානාධිපතිවරිය විසින් එහි බඩු බාහිරාදිය පිට ප්‍රදේශයකට රැගෙන ගොස් ඇතැයිද වහා තම ප්‍රදේශයේ උප තැපැල් කාර්යාලය ස්ථාපිත කර දෙන ලෙස ඉල්ලමින් පිරිසක් දාපනේ මංසන්ධියේ විරෝධතාවයක් පවත්වනු ලැබුවා.
විරෝධතා කරුවෝ එහිදී අදහස් දක්වමින් පැවසුවේ වසර හතලිස් තුනක ඉතිහාසයක් පවතින තැපැල් කාර්යාලය එම ස්ථානයෙන් රැගෙන යාම පිළිබඳ ව තමන්ට හේතුවක් ලෙස බලධාරීන් පැවසුවේ එය පාඩු ලබන ස්ථානයක් බවකැයි එය එසේ සිදුවිය නොහැකි බව ඔවුන් පැවසුවා .
විරෝධතා කරුවෝ එහිදී පැවසුවේ එහි ස්ථානාධිපතියගේ අත්තනෝමතික ක්‍රියාවන් නිසා එම කාර්යාලය පාඩු ලබන තත්ත්වයට පත්වී ඇති බවත් බොහෝ අවස්ථාවල බාල වයස්කාර දරුවන් තැපැල් සථානාධිපතිවරියගේ රාජකාරි අසුනේ හිදුවා ඇය කාර්යාලයෙන් පිටව යන බවකි.(එසේ බාලවයස්කාර දරුවකු තැපැල් ස්ථානාධිපති අසුනේ හිදුවා පිටව ගොස් ඇති අයුරු ප්රදේශවාසීයෙකුගේ ජංගම දුරකථයක වීඩියෝවක් ඇත)
එම වීඩියෝව පහතින්,
ප්‍රදේශ වාසීන් එම අවස්ථා ජංගම දුරකතන වලින් පටිගත කර ඇති නිසා වහා එයට අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත් එම කාර්යාලය වසා දැමීම නිසා ප්‍රදේශයේ පදිංචි පවුල් දහසක් පමණ සංඛ්‍යාවක ජනතාවක් දැඩි අසීරුතාවයට පත්වී සිටින බවත් ඔවුන් පවසති.
තැපැල් කාර්යාලය වසාදැමීම නිසා ප්‍රදේශයේ වියපත් පිරිස් රජයෙන් ලබාදෙන සහනාධාර මුදල් ලබා ගැනීමට විශාල මුදලක් හා කිලෝ මීටර් අටක පමණ දුරක් ගෙවා ඕමල්පේ ප්‍රදේශයට හෝ කෑල්ල මංසන්ධියට යා යුතුව ඇතැයිද එයට මාස් පතා රජයෙන් ලබාදෙන මුදලට වඩා තුන් හතර ගුණයක මුදලක් වැය කිරීමට සිදුව ඇති බවද විරෝධතා කරුවන් පව්සති.
එබැවින් එම තැපැල් කන්තෝරුව එම ස්ථානයේ නැවත ස්ථාපනය කරන ලෙසත් ප්‍රදේශවාසීන් ඉල්ලා සිටී.