බංග්ලාදේශයට එරෙහි පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වි ඇති බව වාර්තා වේ.
එහිදී අවසන් පන්දුවාරයේදී ශ්‍රී ලංකාවට අවශ්‍යම වූ කඩුලු දෙකක් ලබාගනිමින් ප්‍රවේගකාරී පිතිකරණයක නියැලුණු බංග්ලාදේශ පිතිකරුවන් පාලනය කිරීමට දසුන් ශානක සමත්විය.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව ප්‍රවේගකාරී සුපිරි පිතිකරණයක නියැලුණු ජේකර් අලී වේගවත් ලකුණු 68ක් රැස්කරගත්තේය.
ඔහුගේ ඉනිමට හයේ පහර 6ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් විය.