පාසල් ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පාසල් ශිෂ්‍ය නායකයන් සහ නායිකාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ජාතික ළමාරක්ෂක අධිකාරිය ආරම්භ කර ඇති බව වාර්තා වේ.
‘‘ළමා ආරක්ෂාව පිළිබඳ නිත්‍ය තානාපති වැඩසටහන’’ නමින් හැඳින්වෙන මෙම වැඩසටහන යටතේ සෑම පාසලකම ශිෂ්‍ය නායකයන් සහ නායිකාවන් ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් පුහුණු කිරීමට කටයුතු කරන බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
ඒ යටතේ ළමා වින්දිතයන් හඳුනාගත හැකි ආකාරය. ළමා අපයෝජන අවස්ථාවලදී ශිෂ්‍ය නායකයන් හා නායිකාවන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කෙරේ.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව ළමා ආරක්ෂාව පිළිබඳ ශිෂ්‍ය තානාපති ජාතික සමුළුවක්ද මේ වසරේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සදහන්.