ආණ්ඩුවට අයත් තවත් මන්ත්‍රීවරු 10 දෙනෙකු පාර්ලිමේන්තුවේ ස්වාදීන කන්දයමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබේ. ඔවුන් ඒ පිලිබඳව ජනාධිපති වෙත දැනුම් දීමට කටයුතු කරන බව වාර්තා වේ.
සුසිල් ප්‍රේමජයන්ත්, චන්දිම වීරක්කොඩි, ගෙවිඳු කුමාර, නිමල් ලාන්සා, ප්‍රේමනාත් සී දොලවත්ත යන මහත්වරුන් ඇතුළුව තවත් රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද මේ පිරිසට අයත් බව වාර්තා වේ.
එයට හේතුව ලෙස වාර්තා වන්නේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක නොකිරීම හා භාණ්ඩ මිල දරා ගත නොහැකි ලෙස ඉහල යාමට විරෝදය පල කිරීමක් ලෙස මෙසේ ස්වාදීන වන බවට ආරංචි මාර්ග සදහන් කරයි.