සතොස යනු හොර ගුහාවක් බව අප දැනගත්තේද බොහෝ කාලයක සිටයි. සතොස නොහොත් සමූපකාර තොග වෙළද සංස්ථාව මේ වන විට වසා දැමිය යුතු තත්වෙට පත්ව තිබේ. ඒ සතොස කළමනාකරුවන් මෙන්ම එහි පරිපාලනයේ අල්ලස් සහ දූෂණ හේතුවෙනි. එහෙත් සතොසෙහි වැඩ කරන සාමාන්‍ය සේවකයන් මේ වැටිල්ලට වග කිව යුතු නොවේ.
පාලනයේ වරද නිසා සතොස ජනතාවට අහිමි වී තමන්ටත් වැටුප් පවා අහිමි වී රැකියාවද අහිමි වන බව දැන දැනත් බොහෝ අලෙවිසල් වලට භාන්ඩ බෙදා හරින කුරුණෑගල තොග ගබඩාවෙන් අලෙවිසල් වෙත බෙදාහරින්නේ කුරුණෑගල ගබඩාවේ කළමනාකරුගේ සිතුමනාපයට බව වාර්තා වේ. කළමනාකරුට හිතුමතේට බෙදා හැරීම් කලා හැකි වුවත් මෙහි සිදුවන්නේ, ඔහුට සන්තෝ සම් ලබාදෙන, එනම් මුදල්, භාණ්ඩ, මත්පැන් සහ වෙනත් ආකාර වලින් ඔහුට අල්ලස් ලබාදෙන අයට ප්‍රමුඛතාවය ලබා දි භාණ්ඩ අලෙවිසල් වෙත යවන අතර, එසේ භාණ්ඩ යවා ඉතිරි වූවොත් පමණක් අනෙක් අලෙවිසල් වලට භාණ්ඩ යවන බවයි අපට ඒවා තිබෙන තොරතුරු වල සඳහන් වන්නේ. එසේත් නැතිනම් ප්‍රමාණවත් නොවන ප්‍රමාණයක් හෝ නොයවාම සිටින බවද සඳහන් වේ.
කුරුණෑගල, මහනුවර, හලාවත කලාපයන්හි සමහර අලෙවිසල්වල භාණ්ඩ තිබීමටත්, බොහෝ අලෙවිසල් වල භාණ්ඩ නොතිබිමටත් හේතුව එය බවද සහල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරිමේදී මෙම තත්වය බහුලව සිදුවන බවද සදහන් වේ. මීට අමතරව සැපයුම් කරුවන් විසින් භාණ්ඩ ගබඩාවක් වෙත රැගෙන ඒමේදි ඔවුන්ගෙන්ද අල්ලස් ඉල්ලා සිටින බවද වැඩි වාසි ලැබෙන සැපයුම් කරුගේ ලොරි රථයේ භාණ්ඩ ඉක්මනින් ගබඩාවට බාන බවාද සදහන් වේ. එසේ අල්ලස් ලබා නොදෙන සැපයුම් කරුවන්ට පැය ගණන් බලන් සිටිය යුතු අතර යම් අවස්ථාවන්හීදි බහින් බස් වීම්ද ඇතිවන බවද සදහන් වේ.
ගැටුම් සහ බහින් බස් වීම් වලදී අදාළ කළමනාකරු පවසන්නේ තමන්ට දේශපාලන අධිකාරීයේ සහ සතොස ආයතනයේ ඉහල නිලධාරීන්ගේ රැකවරණය ඇති බවත්, කල හැකි දෙයක් වේනම් කරන ලෙසත් බවයි. එවැනි තත්වයක් තුල එම ගැටළු අලෙවිසල් කළමනාකරුවන් සහ සැපයුම් කරුවන් මේ සම්බන්ධයෙන් සතොස ප්‍රධාන නිලධාරීන් දැනුවත් කල නමුත් තවමත් එය විසදී නැති බවද සදහන් වේ. සැපයුම් කරුවන්ගෙන් අල්ලස් ලබාගැනීම පුරුද්දක් කරගෙන ඇති මොවුන් කුරුණෑගල තොග ගබඩාව තුල නිතරම මත්පැන් සාද පවත්වන බව ද සදහන් ආදී ලෙස බොහෝ කරුණු සදහන් වේ.
අප කවුරුත් දන්නා තරමින් සතොස එහෙමයි. එම නිසාම දැන් සතොස විනාශ වී ගොසිනි. සතොසේ මීට පෙර අවුරුදු ගනනාවක් පුරා සේවය කර විශ්‍රාම ගොස් සිටින සේවකයන් පවා මේ විනාශයට වග කිව යුතුය. අල්ලස් ලබා දෙන්නන්ට එක විදියකිනුත් එසේ නොදෙන්නන්ට තවත් ලෙසකින් සලකන්නට හැකි ලෙස සතොස කළමනාකරුවන්ට බලයක් ලබා දී නැති අතර ඔහු සතොස ආයතනයේ නොහොත් මහජනතාවට සේවය කරන ආයතනයක ගබඩාවේ කළමනාකරු මිස, හිමිකරු හෝ හිමිකරුවන් නොවන බව දැන්වත් සිතිය යුතුය.