පසුගිය දිනවල ඉතා ඉහළ අගයක් ගත් වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ඉතා සීඝ්රයෙන් පහළ යමින් පවතින බවට පාරිභෝගිකයෝ පවසති.
ඒ අනුව ඉතා ඉහළ මිලකට අළෙවි වූ කැරට්, බෝංචි , ගෝවා, මාලු මිරිස් ඇතුලු එළවළු මිල ගණන් තවදුරටත් ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බවත් ඔවුහු පවසති.
ඒ අනුව සාමාන්‍ය වෙළෙඳපොළේ කැරට් කිලෝවක් රුපියල් 400 කටත් අතර මිලකටත් බෝංචි කිලෝවක් රුපියල් 400 කටත්, ගෝවා 450 කටත්, තක්කාලි 320 කටත්, ලීක්ස් 300 කටත්, මාලු මිරිස් 600 කටත්, වම්බටු 250 කටත්, බීට්රූට් 500 කටත්, පතෝල 220 කටත්,වැටකොලු 190 කටත් කරවිල 450 කටත්, බණ්ඩක්කා 160 කටත් අමුමිරිස් 600 කටත්, දෙහි 200 කටත් අලෙවි වන බවට පාරිභෝගිකයෝ කියති.
මේ අතර කොළඹ මැනිං වෙළදපොලේ බෝංචි කිලෝවක් රුපියල් 300කටත්, කැරට් කිලෝවක් රුපියල් 300කටත්, ගෝවා කිලෝවක් රුපියල් 320කටත්, තක්කාලි කිලෝවක් රුපියල් 300 කටත්, වම්බටු කිලෝවක් රුපියල් 150 කටත්, වට්ටක්කා කිලෝවක් 250 කටත්, දෙහි කිලෝවක් රුපියල් 150 කටත්, අමුමිරිස් කිලෝව රුපියල් 300 කටත් අලෙවි වන බවට පාරිභෝගිකයෝ කියති.