තාප්පයට හා නිවසේ දොරට වෙඩි උණ්ඩ කිහිපයක් එල්ල වී ඇති අතර, අදාළ සිදුවීම වන අවස්ථාවේ සමන්කොල්ලා නැමැත්තාගේ මව සහ සහෝදරියන් තිදෙනෙකු නිවසේ සිට ඇති බව සදහන්.
අම්බලන්ගොඩ පොලිස් වසමේ ඉඩන්තොට පොනදුව ප්රදේශයේ, මත්කුඩු ජාවාරමේ නිරත පාතාල සාමාජික අගම්පොඩි සජිත් සමන් පියන්ත නොහොත් ‘සමන්කොල්ලා’ නැමැත්තාගේ නිවසට අද (14) අලුයම වෙඩි ප්රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවට අම්බලන්ගොඩ පොලීසිය පවසයි.