කැනඩාවේ ඔටාවා නුවරට තදාසන්න බාහීවන් ප්රදේශයේ සිය නිවසේ දී ඝාතනයට ලක්වූ ලාංකික පවුලේ සාමාජිකයින්ගේ අවසන් කටයුතු හෙට (17) සිදුකිරීමට නියමිත බව දැනුම් දී තිබේ.
කැනඩාවේ බෞද්ධ කටයුතු කොංග්රසය විසින් මෙම කටයුතු සංවිධානය කර ඇති අතර එරට වේලාවෙන් පස්වරු 01.00 එම කටයුතු සිදුකරන බව සඳහන් වේ.
එය බහු ආගමික, මහජනයා සඳහා විවෘත කටයුත්තක් ලෙස සංවිධානය කර තිබේ.
අවසන් කටයුතු සඳහා ප්රහාරයකට මුහුණ දුන් එම පවුලේ පියා වන ධනුෂ්ක වික්රමසිංහ ද සහභාගීවීමට නියමිත බව සදහන්.