ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් "1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත" ප්‍රකාරව ළමා අපයෝජන වැලැක්වීම සඳහා වන නීති හා ප්‍රතිපත්ති පිළිබඳව ආණ්ඩුවට උපදෙස් සැපයීම හා අපයෝජනයන්ට ලක්වූ වින්දිත ළමුන් ආරක්ෂා කිරීම හා ප්‍රතිකාර කිරීම සහ සියලු ආකාරයේ ළමා අපයෝජනයන්ට එරෙහිව සිදුකරනු ලබන කටයුතු සම්බන්ධීකරණය හා නියාමනය කිරීම අරමුණු කොටගෙන ජාතික ළමාරක්ෂක අධිකාරිය ස්ථාපිතකොට ඇත.
1929 දුරකථන ඇමතුම් සේවාව
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතේ 14(ඔ) පැමිණිලි භාර ගැනීම හා අවශ්‍ය අවස්ථා වලදී ඒවා නිසි බලධාරියා වෙත යොමු කිරීම ප්‍රකාරව මෙම ඒකකය ස්ථාපිත කර ඇත.ඒ අනුව,මෙම ඒකකය මගින් දුරකථනය ඔස්සේ ලැබෙන සියලුම ඇමතුම් සදහා ක්‍රියාත්මක වන වන අතර සිංහල, දෙමල හා ඉංග්‍රීසි යන මාධ්‍ය ඔස්සේ ඇමතුම් ලබා දිය හැකිය.එසේම මෙම සේවාව පැය 24 පුරාම දින 365 තුලම ක්‍රියාත්මක වන අතර, සියලුම දුරකථන ඇමතුම් ගාස්තු වලින් නිදහස් කර ඇත.එසේම මෙම දුරකථන සේවයට වයස අවු:18ට අඩු ඕනෑම ළමයෙකුට සම්බන්ධව ළමා අපයෝජනවලට අදාල පැමිණිලි හෝ තොරතුරු ඕනෑම ළමයෙකුට, දෙමව්පියෙකුට, භාරකරුවෙකුට, ඕනෑම අයකුට හෝ ආයතනයකට සිදුකල හැකිය. ඊට අමතරව ළමයෙකු සම්බන්ධව උපදෙස් මනෝ සමාජීය උපදේශනයක් හෝ මනෝ උපදේශන සේවා ලබා ගැනීමට හැකියාව ඇත. මෙහිදී, තොරතුරු ලබා දෙන ඕනෑම අයෙක් සුරක්ෂිතයි. එසේම එම තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය බැදී සිටි.
කම්කරුවාගේ පටන් ඉහලම පුටුව දක්වා මහජන බදුමුදලින් වැටුප් ලබන කාර්යමන්ඩලයක් සිටින ජාතික ළමාරක්ෂක අධිකාරිය මගින් මහත් විශාල සේවාවක් සපයන බවට ශ්‍රීලාංකිකයින් වන අප බලාපොරොත්තු උවද සත්‍ය තත්ත්වය එසේ නොවේ.
2024/03/05 දින රාත්‍රී අවුරුදු 16ක පිරිමිලමයෙකු ඔහුට මුහුණදීමට සිදුවූ සිද්දියකට බියටපත්ව ඇතිවූ බිය නිසා මෙම 1929 අංකයට අමතා ඇත. ඇමතුම ලබාගත් නිලධාරිනිය පවසා ඇත්තේ අවුරුදු 16ක් වන නිසා පැම්ක්නිල්ල බාරගැනීමට නොහැකි බවයි. අවශ්‍යනම් පොලීසියට යනලෙසට උපදෙස් දී ඇත. දරුවා දෙවනවර නැවත අමතා ඇත. එම අවස්තාවේදී පැමිණිල්ල භාරගත්තද එයද ඕනෑවට එපාවටය. එම පැමිණිලි අංකය දුරකථනයට එවා තිබුණි. එය cc/24/3/150 ලෙසය. මෙම 2024/03/18 දින වනවිට පැමිණිලිකර දින 13ක් ගත වුවද ළමාරක්ෂක අධිකාරිය මගින් දරුවා ගැන කිසිම සොයාබැලීමක් කර නැත. අඩුමතරමේ දුරකථන ඇමතුමක් හෝ නැත. දරුවා දැනට වෙනත් නිවසක ආරක්ෂාකාරීව සිටින අතර එය මිත්තනියගේ සීයාගේ සහ බාප්පාගේ කැමැත්ත මතය. තවද අධිකාරී පනතේ පැහැදිලිව දක්වා ඇත්තේ පැමිනිල්ලක් ලැබුනුපසු ඒ පිලිබදව අදාල ආයතන හෝ අන්ශ දැනුවත් කිරීමට අධිකාරිය බැදීසිටින බවය. එම දරුවා ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි කලවිට එම නිලධාරීන් පැවසූවේ පොලීසියට ගොස් පැමිනිලිකරන ලෙසය. නමුත් දරුවා අවුරුදු 18ට අඩුනම් ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන් කලයුත්තේ සියලු තොරතුරු ලබාගෙන අදාල පොලිස්ස්ථානය සහ අනෙකුත් අංශ දැනුවත් කිරීමය. නමුත් මේ වනතෙක් එවැනි දැනුම්දීමක් සිදුකල බවට කිසිදු දැනුවත් කිරීමක් කරනැත. ජාතික ළමාරක්ෂක පනතේ පැහැදිලිව වයස අවුරුදු 18 දක්වා ඕනෑම ලමයකු සම්බන්දව පැමිණිලි සිදුකල හැකිබව දක්වා ඇත. නමුත් එදින රාත්‍රී සේවය කල නිලධාරීන් සහ මෙම වයස සීමාව නොදන්නේය. මෙවැනි නිලධාරීන්ගෙන් ළමයින්ට වන සේවයක් නැත. ඔවුන් කරන්නේ මානසික පීඩනයකින් නිදහස් වීමට ඇමතුම් ගන්නා දරුවාගේ මනස තවත් අවුල්සහගත කර දරුවා තවත් අපයෝජනය කිරීමය. ළමාරක්ෂක අධිකාරියේ සේවය කරන මෙවැනි ළමා අපයෝජකයින් වහාම ඉවත්කලයුතුය. ළමාමනස නොහදුනන තමා සේවය කරන ආයතනයේ නීතිරීතී රාජකාරීවලට අදාල තොරතුරු ආදී කිසිත් නොදන්නා මෙවැනි දූශිත කිසිම දැනුමක් නොමැති ළමා අපයෝජකයින් විසින් සිදුකරන මෙම අවනීතික වැඩ වහාම නතර කලයුතුය. නැතිනම් සිදුවන්නේ මෙම දරුවන්ගේ ජීවිත තවත් අදුරුවීම හෝ ජීවිත හානිපවා සිදුවීමය. එවනි දෙයක් සිදුවූපසුව ජාතික ළාමාරක්ෂක අධිකාරියේ කිඹුල් කදුලු වලින් පලක්නැත.