රේගු නිලධාරීන් අද (19) උදෑසන සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
රේගු නිලධාරීන්ගේ සංගමයේ, සභාපති, අමිල සංජීව මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර සිටියේ අද උදෑසන 9 සිට පස්වරු 4.45 දක්වා මෙම අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය පවත්වාගෙන යන බවයි.
ඉන් අනතුරුව අතිකාලවලින් ඉවත් වන බව ද පැවසු ඒ මහතා, සාමාන්‍ය දිනකට බහාලුම් 2,000කට ආසන්න සංඛ්‍යාවක් නිදහස් කිරීමට වෙනදාට කටයුතු කරන බව ද පවසා තිබේ .