ඉක්මනින් මියැදෙන්න රසායනික ද්‍රව්‍ය යොදා ඉදවන පලතුරු අනුභව කරන්න
පලතුරු වෙළදාම ඉක්මනින් දියුණුවිය හැකි වෙළදාමක් ලෙස ජනප්‍රිය වන්නට පටන් ගත්තේ 2000 වසරින් පසුව වන අතර අග නගර වල මෙන්ම සෑම සෙසු නගරයක් ආශ්‍රිතවම පලතුරු වෙළදසැල් දවසින් දවස වැඩි වන්නට විය. කෙතරමි වෙළද සැල් පැවතියත් දෛනික ඉල්ලුම සපුරා ලීමට එම වෙළදසැල් අසමත් වූවෙී ලාංකීය ජනතාව පලතුරු අනුභවය කෙරෙහි දක්වන කැමැත්ත පිළිබද මනා දර්ශකයක් ලබා දෙමිනි.
අධික ඉල්ලුම මුදල් හමිබකිරීමෙි මෙවලමක් බවට පත් කරගත් බහුතර වෙළද සැල් හිමියෝ තම කෘෘට අරමුණ සාක්ෂාත් කර ගැනීමට කෘතීම ලෙස පලතුරු ඉදවීමට පෙළඹුනහ. 2000 වසර අග භාගයෙන් ඇරඹි මෙම තත්වය 2008 වසරෙන් පසු බොහෝ පලතුරු වෙළදසැල් ආක්රමනය කරන ලද අතර “එතනල්” නමැති විස රසායනිකය යෙදූ කෙසෙල්, පැපොල් ඇතුළු පලතුරු ලාංකීය ජනයාගේ දොල පිනවූහ. බැරෑරුමි තත්වය නමි කිසිදු පාරිභෝගිකයකු එම පලතුරු පිළිබද වෙළදසැල් හිමියන්ගෙන් කිසිවක් ඇසීම හෝ පැවසීමකින් තොරව සිටීමට වග බලා ගැනීමයි. අදවන විට පිළිකා රෝගය සමස්ථ රටම ගිල ගනීමින් සිටින තත්වයට මෙම ව්‍යසනය ප්‍රබල වී ඇත. මෙය අප සැම හට වලක්වා ගත හැකිව තිබූ තත්වයක් බැවින් පෞද්ගලික වගකීමක් අප හිතා මතා මග හැරියාද යන පැනය අප සියල්ල හමුවෙි ඇත.
වස විස යෙදූ පලතුරුවලට කුහුඹුවෙක්වත් ළං නොවන අතර එම පලතුරු සාමාන්‍ය පරිදි ඉදෙන පලතුරු වලට වඩා හොඳ පෙනුමකින් සමන්විතය. මෙමගින් පාරිභෝගික ආකර්ෂනය ඉක්මනින් දිනා ගැනීම ව්‍යාපාරිකයින් ලද ජයක් වුවත් වැඩි ලාභ අපේකෂාවෙන් ජාතියේ හා මනුෂ්‍යත්වයේ නාමෙන් මිනිසුන් මරා දමන මේ අපරාධය දැන්වත් නතර කිරීමට සමස්ත පලතුරු වෙළද ව්‍යාපාරිකයින් කටයුතු කල යුතුය.
මේ වන විට පලතුරු ඉදවීමට යොදන විස රසායනික වර්ග තුන්සියයක් පමණ රට තුළ පවතින අතර සමස්ත ජනයාට වස කවන ගමක් ගමක් පාසා ඇති විස රසායන යොදා පලතුරු ඉදවන වෙළද ව්‍යාපාරිකයින්ට එරෙහිව හඩක් නොනගන අහිංසක මිනිසුන්ගේ හඩ වගකිව යුතු ආයතන වෙත නිසි ක්‍රියා මාර්ග ගැනීම සදහා මෙසේ ඉදිරිපත් කරමි.
හිමාල් ඒ්කනායක