“කොළඹට මිලියනයක් – කොළඹට මිලියන දෙකක් ” ආදී ලෙස හෙට (09) පැවැත්වෙන උද්ඝෝෂණය සදහා අංශ රැසක සහයෝගය ලැබිය හැකි බව වාර්තා වේ.
ඒ සදහා කළාකරුවන්, රාජ්‍ය සහ පෞද්ගලික අංශ , වාහන හිමිකරුවන්, විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, විවිධ වෘත්තීය සංවිධාන මෙන්ම තරුණ සංවිධාන ද මේ සදහා සහභාගී වනු ඇතිබවට වාර්තා වේ.
එසේම විවධ සමාජ මාධ්‍යජාල ගිණුම් වල සහ විවිද බැනර් වල සදහන් වන්නේ ” අපි අවුරුදු කන්නේ කොළඹ – ගෝඨා ඔයා ගෙදර යන්නම ඕනි” ලෙසයි.
වර්තමාන ලෝක ඉතිහාසය තුල මෙවැනි අකාරයෙන් සිදුකරනු ලැබූ උද්ඝෝෂණ පිලිබදව වාර්තා නොවේ. කෙසේ වුවත් මේ අතරම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීම පිණිසද උද්ඝෝෂණ සංවිධානය කිරීමටද දිස්ත්‍රික් මට්ටමින් සංවිධායකයන් උත්සාහ කරන බවද වාර්තා වේ.